Sunday, April 20, 2025
Home » සෙහඳු ලකුණු 5ට කඩුලු 5යි

සෙහඳු ලකුණු 5ට කඩුලු 5යි

by sachintha
March 4, 2025 4:11 pm 0 comment

පළමු පෙළ 19න් පහළ රාජකීය – වෙස්ලි අතර තරගයේදී රාජකීය විදුහලේ වේග පන්දු යවන සෙහඳු සූරියාරච්චි ලකුණු 5කට කඩුලු 5ක් බිඳහෙළා වෙස්ලි පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළේය.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේදී රාජකීය විදුහල කඩුලු 5කට ලකුණු 318ක් ලැබූ අතර, වෙස්ලි විදුහල ලකුණු 137කට සීමා විය. සෙහඳු සූරියාරච්චි ඕවර 8.4කදී නිලකුණු ඕවර 4ක් යවා දස්කම් දැක්වූ අතර, සඳුල් අබේවර්ධන ලකුණු 41කට වෙස්ලි විදුහලේ කඩුලු 4ක් බිඳ හෙළීය.

රාජකීය විදුහල වෙනුවෙන් විමත් දින්සර ලකුණු 122ක් හා නායක රමිරු පෙරේරා ලකුණු 99ක් වාර්තා කිරීමට සමත් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT