Home » ගුවන් හමුදා පාපැදි ශූරතා චමෝද් සහ දිනේෂා දිනති

ගුවන් හමුදා පාපැදි ශූරතා චමෝද් සහ දිනේෂා දිනති

by sachintha
March 4, 2025 4:10 pm 0 comment

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වැනි සංවත්සරයට සමගාමීව 26 වැනි වරටත් සංවිධාන කළ ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට පොලිස් පාපැදි කණ්ඩායමේ චමෝද් ද සිල්වා සමත්වූ අතර, කාන්තා ශූරතාව ගුවන් හමුදා පාපැදි කණ්ඩායමේ දිනේෂා දිල්රුක්ෂි දිනා ගත්තාය. අදියර තුනකින් සමන්විත මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි තරගයේදී චමෝද් ද සිල්වා පැය 9කුත්, මිනිත්තු 13ක් සහ තත්පර 52කින් සමස්ත තරගය නිමා කළ අතර, ඊට තත්පර 6ක් පසුපසින් තරගය අවසන් කළ යුද හමුදා පාපැදි කණ්ඩායමේ සඳරුවන් පින්තු සමස්ත අනුශූරයා බවට පත්විය. යුද හමුදාවේම හරිඳු මීමනගේ පැය 9කුත්, මිනිත්තු 15ක් සහ තත්පර 21කින් සමස්ත තරගය නිමා කර තුන්වැනි ස්ථානයට පත්විය.

දිනේෂා තරගය නිමා කිරීමට පැය 2යි මිනිත්තු 37යි තත්පර 53ක් ගත කළ අතර, දෙවැනි සහ තෙවැනි ස්ථාන ගුවන් හමුදාවේහිම පංචාලි සුලෝචනා සහ සුදාරිකා ප්‍රියදර්ශනී විසින් දිනා ගනු ලැබුවේ පැය 2කුත්, මිනිත්තු 37ක් සහ තත්පර 57කින් තරගය නිමා කරමිනි.

ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි කණ්ඩායම් ශූරතාව යුද හමුදාවට හිමි වූ අතර, අනුශූරතාව ගුවන් හමුදාව සතු විය. කාන්තා තරගයේ සමස්ත කණ්ඩායම් ශූරතාවට හිමිකම් කීමට ගුවන් හමුදාව සමත්වූ අතර, නාවික හමුදාව අනුශූරතාව දිනා ගත්තේය. ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්ස්වය පැවැත්විණි.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT