තායිලන්තයේ පැවැති 2025 – ලෝක සම්බාහන තරගාවලියට (Universal Massage Championship – 2025) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ප්‍රනීත් ලසන්ත එම තරගාවලියේදී අනුශූරතාවය දිනා ගනිමින් ශ්‍රී ලංකාවට පළමු වරට සම්බාහන ක්ෂේත්‍රයෙන් රිදී පදක්කමක් දිනා දීමට සමත් වී තිබේ.
ඒ අනුව, ඔහු පෙරේදා (2) රාත්‍රියේ එම සම්මානය අතැතිව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ලෝක සම්බාහන ෆෙඩරේශනය
(World Massage Federation) මඟින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය තායිලන්තයේ චියන් රායි ( Chiang Rai) නුවර දී ඉකුත් 26 වැනි දින සිට 28 දින දක්වා ලෝකයේ රටවල් 21ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනකුගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට මෙම තරගාවලියට සහභාගි වූ ප්‍රනීත් ලසන්ත එහි ස්පා ඇන්ඩ් වෙල්නස් (Spa and Wellness) ඉසව්වෙන් අනුශූරතාවය දිනා ගනිමින් ශ්‍රී ලංකාවට පළමු වරට ලෝක සම්බාහන තරගාවලියක දී රිදී පදක්කමක් දිනා දීමට සමත් විය.
මෙම පදක්කම දිනාගත් ලසන්ත පෙරේදා (02) දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීමට ක්ෂේත්‍රයේ හිතවතුන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
කටුනායක – ටී.කේ.ජී. කපිල