කඩවත, ගණේමුල්ල මාර්ගයේ මංගල මාවත අසල පිහිටි කඩවත අධිවේගී මාර්ගය අසල භූමියට ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් විසින් කැළි කසළ බැහැර කරනු ලැබීමෙන් ප්‍රදේශය අපවිත්‍රව දැඩි දුගඳක් හමන බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම භූමිය අසල ලඳු කැලෑවක් පිහිටා ඇති අතර, ප්‍රදේශයේ මත්ලෝලීන් එම භූමිය විවිධ අපචාර ක්‍රියා සිදු කිරීමට යොදා ගන්නා බැවින් ප්‍රදේශවාසීහු විවිධ පීඩාවන්ට ලක්ව සිටිති.
මෙම භූමියට බැහැර කර ඇති කැළි කසළ ඉවත් කර මෙම ලඳු කැලෑ භූමිය එළිපෙහෙළි කරන ලෙසට ප්‍රදේශවාසීන් විසින් අදාළ බලධාරීන් දැනුම්වත් කළද මේ වන තෙක් එම ස්ථානයට බැහැර කර ඇති කැළි කසළ ඉවත් කිරීමට හෝ ලඳු කැලෑ භූමිය එළිපෙහෙළි කිරීමට අදාළ අංශ කටයුතු කර නොමැති බවට ප්‍රදේශවාසීහු මැසිවිලි නඟති.
ඒ අනුව කඩවත, ගණේමුල්ල මාර්ගයේ මංගල මාවත අසල පිහිටි කඩවත අධිවේගී මාර්ගය අසල භූමියට දමා ඇති කැළි කසළ ඉවත් කර එහි ලඳු කැලෑ භූමිය නිසි පරිදි එළිපෙහෙළි කර දෙන ලෙසට ඔවුහු අදාළ අංශවලින් ඉල්ලා සිටිති.
මහර සමූහ – ගණිඳු රෝචන සමරතුංග