Home » සිසුන් නොමැතිව එළුවාවල කනිටු විදුහල වසා දමලා

සිසුන් නොමැතිව එළුවාවල කනිටු විදුහල වසා දමලා

-නිකරු‍ණේ විනාශ වෙන ගොඩනැඟිලිවලින් වැඩක් ගන්න

by sachintha
March 4, 2025 4:16 pm 0 comment

විවිධ හේතු මත වැසී යාමට ලක්වූ වැලිගම, වැලිපිටිය එළුවාවල කනිෂ්ඨ විද්‍යාලයේ ගොඩනැඟිලි වසර ගණනාවක් තිස්සේ නිකරුණේ විනාශ වෙමින් තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

එළුවාවල කනිෂ්ඨ විද්‍යාලය වැලිගම, වැලිපිටිය කොට්ඨාස අධ්‍යාපන කාර්යාල බලප්‍රදේශයට අයත් පාසලකි. ආරම්භක අවධියේදී පළමු ශ්‍රේණියේ සිට අටවෙනි ශ්‍රේණිය දක්වා මෙම විද්‍යාලයේ පන්ති පැවතුණි. එහි දරුවන් 400ක් පමණ අධ්‍යාපනය ලැබූහ. කාලානුරූපව ප්‍රදේශයේ අන් පාසල්වලට සමානව මෙම පාසල දියුණු නොවීමත් සමඟ 2019 වර්ෂය වන විට විද්‍යාලයේ සමස්ත දරුවන් සංඛ්‍යාව තුන් හතරදෙනෙකු දක්වා පහළ වැටී තිබුණි. ඒ වනවිට පාසලට අවශ්‍යය ගුරුවරුන් සංඛ්‍යාව පාසල සතුව තිබුණත් පළමු ශ්‍රේණියට සහ අනෙකුත් ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීමට දෙමව්පියෝ මැලිකමක් දැක්වූහ. එය මෙම විද්‍යාලය වැසී යාමට ප්‍රධාන වශයෙන් ඉවහල් වී තිබූ බව ප්‍රදේශවාසීහු පවසති.

පාසල පවත්වාගෙන යාමට තරම් ශිෂ්‍යයන් නොමැති වීම නිසා එවකට බලධාරීන් විසින් මෙම විද්‍යාලය වසා දැමීමට පියවර ගෙන තිබිණි. 2019 වර්ෂයේදී පමණ මෙම විද්‍යාලයේ ගොඩනැඟිලි අලුත්වැඩියා කර තිබූ නමුත් මේ වන විට මෙම විද්‍යාලය වසා දැමීම නිසා වටිනා ගොඩනැඟිලි ශාලා දෙකක් ඇතුළු සම්පත් විනාශවෙමින් තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති. එමනිසා මෙම ස්ථානය සහ ගොඩනැඟිලි යොදා ගනිමින් ජනතාවට සේවාවක් ඉටු කිරීමට කටයුතු කරන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

හික්කඩුව සමූහ – බුද්ධික වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT