මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ නයිවල නගර මධ්‍යයේ ඉදිකර ඇති ජල ව්‍යාපෘතිය තුළින් නගරවාසීන්ට අවශ්‍ය ජල පහසුකම් ලබා නොදීම පිළිබඳව නගරවාසීහු දැඩි අප්‍රසාදය පළ කරති.
මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමය යටතේ එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන්, 2014 වර්ෂයේ දෙසැම්බර් මස 05 වැනි දින වැඩ ආරම්භ කර ඇති බව සනාථ කිරීමට ජල ටැංකිය ඉදිරිපිට සමරු ඵලකයක් ඉදිකර ඇත. වසර 10කට වැඩි කාලයක් ගතවී ඇතත්, ජල ටැංකිය හා එයට සමගාමීව ඉදිකර ඇති ගොඩනැඟිල්ල ඉබි යතුරු දමා වසා තිබීම පිළිබදව නගරවාසීහු දැඩි අප්‍රසාදය පළ කරති.
කෝටි ගණනක ප්රතිපාදනයන් යොදවා මෙසේ වැඩ අවසන් කර ඇති ජල ව්‍යාපෘතිය තුළින් නයිවල නගරවාසීන්ට අවශ්‍ය පානීය ජල පහසුකම් ඉතා කඩිනමින් ලබා දීමට කටයුතු කිරීම වගකිවයුතු බලධාරීන්ගේ යුතුකම මෙන්ම වගකීම ද වන්නේය.
වේයන්ගොඩ සමූහ එස්. පුෂ්පකුමාර