Home » බළන්ගොඩ සුමන සමන් ප්‍රතිමාවට ගල් ගැසුවයි කතක් අත්අඩංගුවට

බළන්ගොඩ සුමන සමන් ප්‍රතිමාවට ගල් ගැසුවයි කතක් අත්අඩංගුවට

by sachintha
March 4, 2025 4:15 pm 0 comment

බළන්ගොඩ නගරයේ තුඹගොඩ කොටසේ ඉදිකර ඇති සුමන සමන් දේව ප්‍රතිමාවට ඉකුත් 01 වැනිදා රාත්‍රී ගල්වලින් පහර දී අලාභ හානි සිදු කර තිබෙන බව නගරවාසීහු පැවසූහ.

මෙම පහරදීම හේතුවෙන් සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේ වටා ඉදිකර ඇති වීදුරු බිඳී කැබලිවලට කැඩී ගොස් දැඩි හානි සිදුව තිබෙන බව ජනතාව පෙන්වා දෙති. මේ අතර ඒ ආසන්නයේ ඇති බුදු මැඳුරක වීදුරුවලටද පහර දී අලාභ හානි සිදුකර තිබෙන බව ද ඔවුහු පවසති. මේ සම්බන්ධයෙන් බළන්ගොඩ පොලීසිය පැවසුවේ මන්ද මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන කාන්තාවක විසින් සිදු කළ ගල් ගැසීමකින් එම ප්‍රතිමාවට සහ බුදු මැඳුරට හානි සිදුව තිබෙන බවට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන බවයි. මේ සම්බන්ධයෙන් එම කාන්තාව අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කරමින් තිබෙන බවද බළන්ගොඩ පොලීසිය පැවසීය.

බළන්ගොඩ විශේෂ – සම්පත් ප්‍රියනන්දන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT