Sunday, April 20, 2025
Home » ලෝක වනජීවී දිනය දා පුත්තලම සහකාර අධ්‍යක්ෂගෙන් අඩවි සහකාරවරයාට අපූර්වතම තිළිණයක්

ලෝක වනජීවී දිනය දා පුත්තලම සහකාර අධ්‍යක්ෂගෙන් අඩවි සහකාරවරයාට අපූර්වතම තිළිණයක්

by sachintha
March 4, 2025 4:12 pm 0 comment

පුවත්පත්වල පළවූ වැටලීම් ඇතුළු ප්‍රවෘත්ති පදනම් කරමින් අපූරුතම ඡායාරූප තිළිණයක් කරුවලගස්වැව වනජීවී අඩවි සහකාර ලෙස කටයුතු කළ ඩී. රාමසිංහ මහතාට ලබාදීමට පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා ඊයේ (03) කටයුතු කෙරුණි.

ඒ වසර 25කට වැඩි කාලයක් වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ දක්ෂ හා කැපවීමෙන් තම රාජකාරි කරමින් වෘත්තිය ආරක්ෂා කළ කරුවලගස්වැව අඩවි ආරක්ෂක ලෙස සේවය කළ ඩී.රාමසිංහ මහතාටය.

පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්ෂ කලාපයට අයත් කරුවලගස්වැව වනජීවී අඩවියේ වන අපරාධ මැඬලමින් වන සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂ කැපවීමක් කළ රාමසිංහ මහතා ඇතුළු නිලධාරීන් සිදු කළ වැටලීම් ඇතුළත් ඡායාරූප තිළිණය ලබා දීම ලෝක වනජීවී දිනයේ සුවිශේෂ විය.

මෙහිදී පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා පවසා සිටියේ වනජීවීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තම ජීවිතය පවා පරදුවට තබමින් දැවැන්ත කාර්ය භාරයක් රාමසිංහ මහතා සිදුකර ඇති බවයි.

ඒ සමඟම රාමසිංහ මහතාගේ කරුවලගස්වැව සේවා කාලය අවසන් වීමත් සමඟ ඔහු රිටිගල කලාපයේ පුහුණු මධ්‍යාස්ථාන භාර නිලධාරී ලෙස මාරු වීම් ලැබ යාම සිදුව ඇති අතර එසේ පිටත්වීමට පෙර මෙම තිළිණය ලබාදීම විශේෂිත විය.

මෙම අවස්ථාවට පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් ද එක්ව තිබුණි.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT