Home » ගරාගොඩ ළිඳක සිටි හඳුන් දිවියා බේරා ගනියි

ගරාගොඩ ළිඳක සිටි හඳුන් දිවියා බේරා ගනියි

by sachintha
March 4, 2025 4:11 pm 0 comment

යටියන්තොට පහළ ගරාගොඩ ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි හඳුන් දිවියෙකු පෙරේදා (02) සවස මහත් පරිශ්‍රමයක් දරා ගොඩට ගෙන ආරක්ෂිතව රක්ෂිත කැලෑවකට මුදාහළ බව බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී වනසත්ව අඩවි සහකාර ඉමේෂ් ගුණතිලක මහතා පවසයි. හඳුන් දිවියා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව දැඩි ආරක්ෂිත මෙන්ම ඉතා දුර්ලභ සතෙකි. කිහිප දිනකට පෙර තම නිවෙස්වල ඇති කළ බළලුන් හා එළිමහන් තටාකවල සිටි මත්ස්‍යයන් හදිසියේ අතුරුදන් වූ බවත් හඳුන් දිවියා එම සතුන් ආහාරයට ගන්නට ඇති බවත් මෙම සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීහු සැක පළ කරති.

යටියන්තොට විශේෂ – සමන් එස්. රත්නායක.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT