යටවත්ත පොලිස් වසමේ වාලවෙල, කඩමිනිපිටිය වෙල්යායේ දඩයමේ ගිය පුද්ගලයෙක් ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලි සර වැදීමෙන් පෙරේදා (02) රාත්‍රී 2.30ට පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි යටවත්ත පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ නාවුල ඕපල්ගල පදිංචි 42 හැවිරිදි තිදරු පියෙකු වන ලලිත් රත්නායක නමැති අයෙකි. පුද්ගලයින් දෙදෙනෙක් නාවුල ඕපල්ගල සිට බෝර 12 තුවක්කුවක්ද රැගෙන වාලවෙල අලුත්ගම ඥාති නිෙවසකට පැමිණ ඇති බවත් එදින රාත්‍රී මොවුන් දෙදෙනා වෙල්යායේ දඩයමේ යමින් සිටියදී ඉදිරියෙන් ගමන් කළ මියගිය ලලිත් රත්නායක යන අය තුවක්කුවද අතේ තිබියදි ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලි සර වැදීමෙන් මෙලෙස මියගොස් ඇත.
මෙම සිද්ධියෙන් පසු යටවත්ත පොලීසියට දැනුම් දීමත් සමඟ යටවත්ත පොලීසිය ස්ථානීය පරීක්ෂාව කිරීමත් සමඟ තුවක්කුව අයිතිකරුද අත්අඩංගුවට ගෙන ඇති අතර, විදුලි රැහැන ඇද තිබූ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇත.
මාතලේ වැඩබලන මහේස්ත්‍රාත් ලසන්ත පී. බාලසූරිය මහතා ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමේදී බෝර 12 පතරොම් දෙකක් ද සාක්කුවේ තිබි පොලීසිය භාරයට ගෙන ඇත. මළ සිරුර මාතලේ මහා රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙසත් පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත. සැකකරුවන් දෙදෙනා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
උකුවෙල සංචාරක – ප්‍රියන්ත සුමනසේන