Sunday, April 20, 2025
Home » කාන්තා දිනයේදී හාලිඇළ අසරණ පවුලකට නව නි‍ෙවසක්

කාන්තා දිනයේදී හාලිඇළ අසරණ පවුලකට නව නි‍ෙවසක්

by sachintha
March 4, 2025 4:10 pm 0 comment

 

හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න හාලිඇළ ස්ප්‍රිංවැලි ප්‍රදේශයේ අසරණ පවුලක් උදෙසා සමෘද්ධි රන් විමන වැඩසටහන යටතේ ඉදිකරමින් පවතින නව නි‍ෙවසක් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මෙම මාර්තු මස 08 වැනි දින ප්‍රතිලාභී අයිතියට පැවරීමට හාලිඇළ රිල්පොළ සමෘද්ධි බැංකුව හා ස්ප්‍රිංවැලි වතු සමෘද්ධි ප්‍රජාමූල සංවිධානය එක්ව කටයුතු කරයි.

හාලිඇළ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ රිල්පොළ සමෘද්ධි කලාපයේ

ස්ප්‍රිංවැලි වතු වසමට අයත් ස්ප්‍රිංවැලි මේමලේ දෙවන කොටසේ පදිංචි කාලිමුත්තු නිරන්ජනි නමැති 32 හැවිරිදි වැන්දඹු මවක හා ඇගේ දරු තිදෙනා වෙනුවෙන් මෙම නි‍ෙවස ඉදිකරනු ලබයි.

මෙම ප්‍රතිලාභී කාන්තාවගේ සැමියා මිය යාමෙන් පසු ඇය වයස අවුරුදු 12ක් වූ පිරිමි දරුවෙකු හා වයස අවුරුදු 04ක් වූ නිවුන් දැරියන් දෙදෙනෙකු දැඩිකර ගැනීමට කුලී වැඩ කරමින් ඉතා අසීරුවෙන් ජීවත්වන අතර ඔවුන් පදිංචි නිවහන ඉතා අබලන්වීමත් එය ඉදිකර ගැනීමට ඔවුනට ආර්ථික හැකියාවක් නොවීමත් හේතුවෙන් ඔවුනට උපකාරයක් ලෙස සමෘද්ධි රන් විමන වැඩසටහන යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ආධාර මත රුපියල් 7,50,000ක වියදමින් මෙම නව නි‍ෙවස ඉදිකර දීමට තීරණය කොට ඇත.

නව නි‍ෙවස අදාළ ප්‍රතිලාභීන් වෙත භාරදීම මෙම මාර්තු මස 08 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් එදින පෙරවරු 10.42ට යෙදෙන සුබ මොහොතින් සිදුකිරීමට පියවර ගෙන ඇති අතර, හාලිඇළ ප්‍රදේශීය ලේකම් චමින්ද වීරසිංහ මහතාගේ උපදෙස් මත හාලිඇළ රිල්පොළ සමෘද්ධි බැංකුවේ කළමනාකරු චමින්ද කුමාර මහතාගේ මූලිකත්වයෙන් මෙම නිවෙස විවෘත කිරීම සංවිධානය කොට ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT