Home » නොනවත්වා ධාවනය කළ හොර වැලි ලොරියට පොලිසියෙන් වෙඩි

නොනවත්වා ධාවනය කළ හොර වැලි ලොරියට පොලිසියෙන් වෙඩි

by sachintha
March 4, 2025 4:48 pm 0 comment

රියැදුරු වෙඩි වැදී පේදුරුතුඩුව රෝහලේ / සහායක පැන ගිහින්

යාපනය පේදුරුතුඩුව පොන්නාලේ ප්‍රදේශයේදී පොලීසිය විසින් ටිපර් රථයකට වෙඩි තැබීමෙන් එහි රියැදුරා තුවාල ලබා පෙරේදා (02) රෝහල්ගත කොට තිබේ.

අනවසරයෙන් වැලි කපා ප්‍රවාහනය කරමින් තිබූ මෙම ටිපර් රථයට නවතින ලෙසට පොලීසිය සංඥා කොට ඇතත් එය නොනවත්වාම අධික වේගයෙන් ධාවනය කරවීම නිසා පොලීසිය මෙම වෙඩි තැබීම සිදු කොට තිබේ.

පොලීසිය විසින් තබන ලද වෙඩි පහරවල් ටිපර් රථයේ ස්ථාන කිහිපයකට වැදීමෙන් පසුව එම රථය රියැදුරු විසින් නතර කොට තිබේ.

ටිපර් රථය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කොට බැලීමේදී එය පදවාගෙන ගිය පුද්ගලයාට ද වෙඩි වැදී ඇති අතර ඔහුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට තිබේ. මෙම ටිපර් රථයේ දෙදෙනෙකු ගමන් කොට ඇති අතර අනෙක් පුද්ගලයා පොලීසිය වෙඩි තැබීම නතර කළ පසුව රථයෙන් බිමට පැන අසල වූ ලඳු කැළෑවකට රිංගා පලා ගොස් තිබේ.

වැලි පටවන ලද ටිපර් රථය පේදුරුතුඩුව පොලීසිය වෙත රැගෙන විත් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

යාපනයේ පේදුරුතුඩුව ඇතුළු පළාත් කිහිපයක් පුරා වැලි ජාවාරම්කරුවන් අනවසර ලෙස වැලි කපා ප්‍රවාහනය කරන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මෙම ක්‍රියාව සඳහා ව්‍යාජ බලපත්‍ර යොදා ගෙන වැලි ජවාරම සිදු කරගෙන යන බව පොලීසිය සඳහන් කරයි.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT