“විදුලිබල ඇමැතිතුමා මේක පිළිගන්න වෙනවා. අර තොප්පි වෙළෙන්දාගේ කතාව තමයි මුළු ලෝකේටම ගියේ. ඔබතුමා හිටියේ එදා ඔය සිද්ධිය වනවිට හඳපාන්ගොඩ, වෙලහියලගෙදර ඔබේ ගෙදර. උඩ තට්ටුවේ වජිර සන්දනායක කියන ඔබේ යාළුවාත් එක්ක හිටියේ.
තවත් කට්ටිය එතැන හිටියා. ඔය වඳුරාගේ නිවුස් එක එනකොට ඔබතුමා මොනවා කරකරද හිටියේ කියලා මම කියන්නේ නෑ. හැබැයි ඔබ හොයන්නේ බලන්නේ නැතුව තමයි වඳුරාගේ කතාව කිව්වේ. ඇමැති එහෙම උත්තර දෙන්න එපා.
රජයේ වගකිවයුතු ඇමැතිවරයෙක් එහෙම උත්තර දෙන්න යන්න එපා. මුළු ලෝකෙම බලන් ඉන්නවා. ඊට පස්සේ 18 වැනිදා විදුලිබල මණ්ඩලය නිවේදනයක් කරනවා වඳුරා හින්දා නොවෙයි ඒක සිදුවුණේ කියලා. මේක මාස හයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක්. ඉරිදාට ලෝඩ් එක වැඩි වෙනවා සෝලා නිසා. සෝලා නිෂ්පාදනය කර තිබෙනවා, මෙගාවොට් 600ක්.
කර්මාන්ත ශාලා වැහුවම ලෝඩ් එක වැඩියි. මේක මාස හයක් තිස්සේ කතා වෙලා තිබෙනවා. මේකට උත්තරයක් හොයන්න ඕනා. කර්මාන්ත ශාලාවලට ඉරිදට සහනයක් දීලා වැඩ කරන්න හරි කියන්න ඕන.