ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කල්මුනායිතුඩුව සහ විනයාසෝදි මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහහත් දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් හාරදහස් දෙසිය පනස් පහක තොගයක් සහ ඩිංගි යාත්‍රා හතරක් ඊයේ (03) අත් අඩංගුවට ගෙන තිබේ.
උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින්, දියත් කළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 21 ත් 56 ත් අතර වයසේ පසුවන යාපනය, මනියතොට්ටම්, උදයපුරම්, ගුරුනගර්, කුරුනාරු පන්නකුරුප්පු සහ ඒරියලෙයි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත.
එම සැකකරුවන් මුහුදු කූඩැල්ලන් තොගය ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු යොදා තිබේ.