හැටන් පොලිස් වසමට අයත් ෂැනන් වතුයායේ කේ.එම්. කොටසේ වතු නිවාස පෙලක් ගිනි ගැනීමෙන් එම වතු නිවාස පේලියට අයත් නිවාස 20 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
ඊයේ (03) රාත්‍රි 7.30ට පමණ එක් නිවසකින් හට ගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බවත්, පැතිර ගිය ගින්න එම වතුයායේ වතු කම්කරුවන්, හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරින්, හැටන් පොලිසියේ නිලධාරින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත් වී ඇත.
පැතිර ගිය ගින්න පාලනය කිරිමට යාමේදි වතු කම්කරුවන් පස් දෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇත.
ගින්නෙන් වතුකම්කරු පවුල් 20 කට අයත් සාමාජිකයන් 50 දෙනෙකු පමණ අවතැන් වී ඇති අතර, එම සාමාජිකයන් එම වතුයායේ ආරක්ෂිත ස්ථානයකට යොමුකර ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සහ ආහාර පාන ලබාදීමට වතු පාලන අධිකාරිය සහ ආපදා කලමණාකරන ඒකකය පියවර ගෙන ඇත.
ගිනනෙන් වතුකම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිර ආදිය සහ පාසල් දරුවන්ගේ පාසල් පොත් සහ උපකරණද ගින්නෙන් විනාශ වී අතර අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.