ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය අනලතිව් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ ඊයේ (03) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 78කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය අනූහතකට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
උතුරු නාවික විධානයට ලද තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික එළාර ආයතනයට අනුයුක්ත නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණයේ කණ්ඩායමක් යොදවා, යාපනය අනලතිව් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර තිබේ. එහිදී එම ඩිංගි යාත්‍රාව මඟින් මෙරටට රැගෙන එමින් තිබූ පාර්සල් හැත්තෑ අටක අසුරන ලද කේරළ ගංජා කිලෝ එකසිය අනූ හතයි ග්‍රෑම් හාරසීයක පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනකු සහ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන හැත්තෑ අටකට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 29ක් සහ 43ක් වන පේසාලේ සහ කරෙයිනගර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කරෙයිනගර් පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇති බව නාවික හමුදාව පවසයි.
රක්ෂණ ශ්‍රියන්ත