Home » gmoa වර්ජන සූදානමක

gmoa වර්ජන සූදානමක

by sachintha
March 4, 2025 4:00 pm 0 comment

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරී දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදුව සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණොත් හෙට (05) සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව පස් වැනි දා රටපුරා සියලුම රෝහල්වල වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්ව වර්ජන ක්‍රියාවලියක් ආරම්භ කරන බවත් එම සංගමය පවසයි.

2025 අය-වැය හරහා වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි යෝජනාව මූලික වැටුපෙන් 1/80 සහ නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20ක කියන අගයත් කප්පාදු කරලා. 1/80 වෙනුවට 1/120 ලබාදෙන බවත්, නිවාඩු දින දීමනාව 1/20 වෙනුවට 1/30 ලබාදෙන බවටත් තීන්දු තීරණ අරන් තියෙනවා. වෛද්‍යවරුන්ට හිමි අමතර රාජකාරි දීමනාව 1/80 නැවත ලබා දිය යුතුයි. නිවාඩු දින දීමනාව 1/20 නැවත ලබා දිය යුතු යැයි මෙහි දී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවැසීය.

06 වෙනිදා වන විටත් මේ නිවැරදි කිරීම කරන්න, 07 වෙනිදා ඉඳන් අපි දැඩි තීන්දු තීරණ ගැනීමට නියමිතයි. 07 වෙනිදායින් පසු සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම ගැන රජයට නැවත වරක් දෙවරක් සිතන්න වෙනු ඇතැයිද හෙතෙම කීවේය.

සුභාෂිණි සේනානායක, දුලක්ෂි උඩගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT