එළැඹෙන අලුත් අවුරුදු සමයේ ජනතාවට හිඟයකින් තොරව සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට රජය සූදානම් වෙයි. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරු සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ සිව්වැනි වරටත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (03) රැස්ව මේ පිළිබඳ සාකච්ඡා කළහ.
එළැඹෙන අලුත් අවුරුදු සමයේ ජනතාවට හිඟයකින් තොරව සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට තොග පවත්වා ගැනීම ඇතුළු අනෙකුත් පියවර පිළිබඳ ද දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.
පාරිභෝගිකයාත්, ගොවි ජනතාවත්, නිෂ්පාදකයාත් ආරක්ෂා කරගනිමින් මෙම සියලු පියවරයන් ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.
විශේෂයෙන් සත්ත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිගු ආනයනයට අප්‍රේල් 01 වැනිදායන් පසුව අනුමැතිය ලබා දීමට ද සාකච්ඡා විය.
බඩඉරිගු ආනයනයේදී නව ක්‍රමවේදයක අවශ්‍යතාව අවධාරණය කළ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා එය ක්‍රියාත්මක වන තුරු පැරණි ක්‍රමවේදය පවත්වාගෙන යාමට උපදෙස් දුන්නේය. විවිධත්වයෙන් යුතුව ආහාර තෝරා ගැනීමට පුරවැසියාට ඇති අයිතිය තහවුරු කිරීම සහ උසස් තත්ත්වයේ නිෂ්පාදන පරිභෝජනය කිරීමට අවස්ථාව ලබාදීය යුතු බව ද මෙහි දී සඳහන් කෙරිණි.
උපාලි කරුණාරත්න, ජයසිරි මුණසිංහ