ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වා සිටින දේශබන්දු තෙන්නකෝන් සහ අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ගණේමුල්ලේ සංජීව නමැති පාතාලයේ ප්‍රබලයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සොයමින් සිටි පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි යන දෙදෙනාට වැඩි කාලයක් කට්ටි පනිමින් සැඟවී සිටීමට ඉඩක් නොලැබෙනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
දේශබන්දු තෙන්නකෝන් සැඟවී සිටින්නේ ඔහුගේ ආරක්ෂකයන් සිය නිවසේ ආරක්ෂාවට තබාය. ඔහු තවදුරටත් පොලිසියට කට්ටි පනිමින් සැඟවී සිටින්නේ නම් පොලිස්පතිවරයකු ලෙස ඔහු වෙනුවෙන් දී ඇති ආරක්ෂාව මෙන්ම නිල රථද පොලිස් භාරයට ගැනීමට අවධානය යොමුවී ඇත. ඒ අනුව අද හෙටම දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් දී ඇති ආරක්ෂාව ඉවත් කෙරනු ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ගයාන් කුමාර වීරසිංහ