ඇඳුම් නොමැතිව යතුරුපැදියක නැඟී නුගේගොඩ සිට කඩුගන්නාව දක්වා පොලිස් බලප්‍රදේශ රැසක් පසු කරමින් පැමිණි පුද්ගලයකු කඩුගන්නාව පොලීසිය විසින් මාර්ග බාධකයක් යොදා ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබේ. මොහු අත්අඩංගුවට ගැනීමට කඩුගන්නාව පොලීසිය මාර්ග බාධක දමා ඇත්තේ කෑගල්ල පොලීසියෙන් ලද තොරතුරකට අනුව බව පැවසේ. ඇඳුම් නොමැතිව ගමන් ගන්නා පුද්ගලයකු සම්බන්ධයෙන් ජනතාව දක්වන ප්‍රතිචාර දැන ගැනීමට අවශ්‍ය වූ බව අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලීසියට පවසා තිබේ. මෙසේ අත්අඩංගුවට ගැනුණේ අහංගම පදිංචි 23 හැවිරිදි තරුණෙයකි.
හිස් වැසුමක් ද නොමැතිව මෙම පුද්ගලයා ඊයේ (03) පෙරවරුවේ නිරුවතින් යතුරුපැදිය කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ අධික වේගයෙන් ධාවනය කරමින් පැමිණ ඇත.
නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක පෙරේදා (02) නවාතැන් ගෙන තිබෙන මෙම පුද්ගලයා ඊයේ (03) පෙරවරුවේ හෝටලයෙන් පිටතට පැමිණ යතුරුපැදියකට නැඟී ඇත්තේ ඇදුම් සහිතවය. අතරමගදී ඔහු ඇඳුම් එකින් එක ඉවත් කර තිබෙන බව පොලීසියට පවසා ඇත.
කඩුගන්නාව දක්වා එන අතරතුර මොහු පොලිස් බල ප්‍රදේශ කිහිපක්ම පසුකර තිබේ. එම පොලිස් ස්ථාන මඟින් දුන් තොරතුරු මත කඩුගන්නාව පොලීසියේ රථ වාහන අංශ නිලධාරීන් මාර්ග බාධකයක් ද යොදා කඩුගන්නාව ගල විදපු ස්ථානය අසලදී මහත් පරිශ්‍රමයක් දරා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා නිරුවතින් සිටීම නිසා අසල්වැසි නිෙවසකින් සරමක් ලබාගෙන ඔහුට අන්දවා පොලීසිය වෙත රැගෙන යාමට රථ වාහන අංශ නිලධාරීන් කටයුතු කර ඇත.
මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බව කියන මොහු කොළඹ ප්‍රදේශයේ කාය වර්ධන මධ්‍යස්ථානයක උපදේශකවරයකු ලෙස කටයුතු කර තිබෙන බවට පොලිස් පරීක්ෂණ මඟින් තොරතුරු අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් තරුණයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී කියා ඇත්තේ පිදුරුතලාගල කන්ද තරණය කිරීමට ඊයේ (03) සැලසුම් කර ගත් බවත්, ඒ අනුව ඊයේ අලුයම 6ට නිවසින් පිටත් වූ බවත්ය. ජනතාවගේ ප්‍රතිචාර කෙසේදැයි බැලීමට තමා ගමන අතරතුර ඇඳ සිටි ඇඳුම්වලින් එක එක ගලවා විසි කර දැමූ බවත් අවසානයට යට ඇඳුම වරකාපොළ ප්‍රදේශයේදී ගලවා විසි කර දැමූ බවත් කියා ඇත.
කඩුගන්නාව පොලීසිය පැවසුවේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර මනෝ වෛද්‍ය වාර්තාවක් ගෙන ඉදිරි කටයුතු කරන බවයි.
මෙම සැකකරු මහනුවර මහේ්ස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන පස්වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කඩුගන්නාව පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදු කෙරෙයි.
අසේල කුරුළුවංශ, කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්