Home » තෙල් සංස්ථාවේ සජබ වෘත්තීය සමිති ලොක්කා ලක්ෂ 31ක අතිකාල අරන්

තෙල් සංස්ථාවේ සජබ වෘත්තීය සමිති ලොක්කා ලක්ෂ 31ක අතිකාල අරන්

by sachintha
March 4, 2025 4:02 pm 0 comment

වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන ආනන්ද පාලිත මහතා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති කටයුතුවල පූර්ණ කාලීනව යෙදෙන අතරතුර රුපියල් ලක්ෂ තිස් එකක අතිකාල ලබා ගෙන ඇති බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස ඇමැති අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) ප්‍රකාශ කළේය.

එලෙස කටයුතු කිරීම කොතරම් නීත්‍යනුකූල ද සහ සාධාරණ ද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් අදාළ සමහර දේශපාලන පක්ෂවල කෘත්‍යාධිකාරි මණ්ඩලයේද ඔහු සිටින බවත් ඇමැතිවරයා පැවසීය.

අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මේ බව සඳහන් කළේ 2025 වසර සඳහා වන අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගී වෙමිනි.

පූර්ණ කාලීන වෘත්තීය සමිති කටයුතුවලට යම් අයකු මුදා හරිනවා නම් එම සමිතියේ සාමාජිකයන් 1000ක් වත් සිටිය යුතුයි. නමුත් මේ මම කියන පුද්ගලයාගේ සමිතියේ සාමාජිකයන් සිටියේ හයසිය පනහක් පමණයි. ඒ වගේම 2015 සිට වෘත්තීය සමිති කටයුතුවලට මුදාහැරියත් මොහු අතිකාල දීමනාත් ලබා ගෙන තිබෙනවා. මොහු රුපියල් තිස් එක් ලක්ෂ එකොලොස් දහස් හයසිය එකක් අතිකාල අරගෙන තිබෙනවා. එය කොතරම් නීත්‍යනුකූල සහ සාධාරණ ද? මොහු සමහර පක්ෂවල කෘත්‍යාධිකාරී මණ්ඩලවල ද සිටිනවා. ඕනේ නම් මට කියන්න පුළුවන් ඔහුගේ නම ආනන්ද පාලිත. ඔහු 2015 ජාතික සේවක සංගමයේ ඉඳලා ඒ පක්ෂයේ සිදුවූ ප්‍රශ්න නිසා තම මවු පක්ෂයෙන් ඉවත්වී සජබට යනවා. ඒ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් ඉන්නවා යැයි ද කීවේය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT