Home » පුංචි ඡන්දෙට නාමයෝජනා 17 සිට 20 තෙක්

පුංචි ඡන්දෙට නාමයෝජනා 17 සිට 20 තෙක්

by sachintha
March 4, 2025 4:01 pm 0 comment

ඉදිරි පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරගැනීම මේ මස 17 සිට 20 දක්වා සිදු කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි. ඒ අනුව පළාත් පාලන ආයතන 336ක එනම් මහ නගර සභා 28ක්, නගර සභා 36ක් හා ප්‍රාදේශීය සභා 272කට නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, නියෝජ්‍ය සභාපති සහ සභිකයන් තෝරා පත් කර ගැනීමට මේ මැතිවරණය පැවැත්වේ.

අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ මහ නගර සභාව හා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාව, කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පුනාකරි ප්‍රාදේශීය සභාව හා ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා මැතිවරණය නොපැවැත්වෙයි.

අදාළ ආයතන 336 සඳහා නාමයෝජනා භාර ගැනීමට අදාළ නිවේදන මේ වන විට අදාළ පළාත් පාලන ආයතනවල ප්‍රසිද්ධ කොට ඇති බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව ඡන්ද විමසීමට ඇප මුදල් තැන්පත් භාර ගැනීම ඊයේ (03) සිට 19 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා ද (මෙම කාලය අතරතුර එළඹෙන 2025 මාර්තු 13 පෝය දින හා 2025 මාර්තු 08, 09, 15 හා 16 යන සෙනසුරාදා හා ඉරිදා දිනවල දී හැර) නාමයෝජනා භාර ගැනීම මාර්තු 17 දින සිට 19දා දක්වා පෙ. ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා සහ මාර්තු 20 දින මධ්‍යහ්න 12.00 දක්වා ද ඒ ඒ තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාලවලදී සිදු කරන බව කොමිසම එම නිවේදනය මගින් දක්වා ඇත.

සුභාෂිණී සේනානායක, මැද කොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT