කරන්දෙණිය හිටපු පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරි දිලීප රොෂාන් කුමාර මහතාගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය ඇල්පිටිය ආනන්ද විද්‍යාලයීය රංග ශාලාවේදී අද (04) පස්වරු 1.00ට පැවැත්වෙන බව දිලීප රොෂාන් කුමාර පදනමේ සංවිධායක මණ්ඩලය පවසයි.
ආහාර සෞඛ්‍ය වෙනුවෙන් කැපවී ජීවිතය පවා අවදානමේ දමමින් කටයුතු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. දිලීප රොෂාන් කුමාර මහතා 2024 පෙබරවාරි මස 26 වැනිදා ඝාතනය කරනු ලැබීය.
මේ ගුණානුස්මරණ වැඩසටහනේ ප්‍රධාන දේශනය රුහුණ විශ්වවිද්‍යාලයේ ආහාර හා තාක්ෂණ පීඨයේ මහාචාර්ය නිලන්ත ලියනගේ විසින් පවත්වන බව එම පදනමේ සංවිධායක, ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ රවීන්ද්‍ර තල්පගේ මහතා පැවසීය.
මීට සමගාමිව ‘සුරක්ෂිත ආහාරයේ මානව අයිතිය උදෙසා’ මැයෙන් සෞඛ්‍ය ප්‍රදර්ශනයක් ද ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේදී ඊයේ (03) සහ අද (04) දවස පුරා පැවැත්වේ. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් ක්‍රිෂාන්ත ඩබ්. මහේන්ද්‍ර මහතා ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ ප්‍රදර්ශනය ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය, ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සංවිධාන කර තිබේ.
ඉරෝෂා දීපානි