132
මඩකලපුව, කාත්තන්කුඩි, ආරයම්පති මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ වස්තුවක් විවෘත කිරීමට උත්සාහ කිරීමේදී සිදුවූ පිපිරීමකින් තරුණයෙකු බරපතළ තුවාල ලබා තිබේ.
ඊයේ (03) පස්වරුවේ මෙම පිපිරීම සිදුව ඇති අතර සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ, තිරුනිට්රුකේනි, ආරයම්පති හි පදිංචි 23 හැවිරිදි වර්ධරාජන් නමැති තරුණයෙකි.
තුවාලකරුව ආරයම්පති රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
තරුණයන් සිව්දෙනෙකු මුහුදේ දිය නාමින් සිටියදී මුහුදේ පාවෙමින් තිබූ වස්තුව දැක එය විවෘත කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම පිපිරීම සිදුවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.