Home » ‘ගණේමුල්ල සංජීව‘ ඝාතනයේ වෙඩික්කරුගේ තවත් අපරාධයක් හෙළිවෙයි

‘ගණේමුල්ල සංජීව‘ ඝාතනයේ වෙඩික්කරුගේ තවත් අපරාධයක් හෙළිවෙයි

by chanaka
March 4, 2025 12:10 pm 0 comment

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීවගේ ඝාතකයා පසුගිය වසරේ දෙසැම්බර් 13 වැනිදා කඳාන – වීදි මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට ටී 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පළා යාමේ සිද්ධියේ වෙඩික්කරු බවට ද අනාවරණ වී තිබේ.

ඒ අනුව, එම වෙඩි තැබීමද විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත සිදුකර ඇති බවට අනාවරණ වී ඇති බව, පොලිසිය සදහන් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

පසුගිය පෙබරවාරි මස 19 වැනිදා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණයේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ වෙඩික්කරු වශයෙන් කටයුතු කළේ 27 හැවිරිදි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි නම් වූ මෙම සැකකරුය.

ඔහුව මේ වනවිට දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන සිදුකරමින් පවතී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT