Wednesday, April 9, 2025
Home » අයි.එම්.එෆ් සිවුවැනි වාරිකය ආර්ථික විශ්වාසය තහවුරුයි
විවරණ

අයි.එම්.එෆ් සිවුවැනි වාරිකය ආර්ථික විශ්වාසය තහවුරුයි

by sachintha
March 4, 2025 4:00 pm 0 comment

දැන් අප රටක් ලෙස 2022 වර්ෂයේ සිටි තැනින් වඩාත් ඉදිරිගාමී තැනකට පැමිණ තිබේ. ඒ සඳහා මූලික කරුණ බවට පත්වූයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල මඟින් ලබා දුන් ණය වාරිකය. එම ණය මුදල් සංචිත ලෙස භාවිත කිරීම තුළ අප රටට ආර්ථික ශක්තියක් ලැබීමත්, ඒ සමඟ අප රට තුළ බිඳවැටුණු ආර්ථිකය නැවත කෙමෙන් පණ ලැබීම සඳහා අවශ්‍ය පසුබිම ද නිර්මාණය විය.

ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ්. සිවුවැනි වාරිකයත් දැන් නිදහස් කිරීමේ අනුමැතිය ලැබී ඇත. ඒ බව අයි.එම්.එෆ්. විධායක සභාව විසින් තීරණය කිරීමත් සහ එසේ සිවුවැනි ණය වාරිකය මෙරටට නිදහස් කිරීමෙන් මෙරටට ලැබෙන ප්‍රතිලාභ කෙසේද යන්න පිළිබඳවත් ගැන කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නවරත්න බණ්ඩා මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසුණි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල මඟින් මෙරටට සිය සිවුවැනි ණය වාරිකය ලබා දීම තුළ මෙරට පිළිබඳව, අන්තර් ජාතික ප්‍රජාව තුළ තිබෙන විශ්වාසය තවදුරටත් තහවුරුවන අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකියි. ඇතැමුන් නඟන තර්කයක් බවට පත්ව තිබෙන්නේ ඩොලර් මිලියන 334ක් බදු ණය වාරිකයකින් මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කළ හැකිද යන්නය. බැලූබැල්මටම මෙම මුදල කුඩා මුදලක් ලෙස පෙනුණද එම මුදල මඟින් ලබා දෙනු ලබන ආර්ථික ශක්තිය සහ විශ්වාසය විශාලය. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලැබෙනවිට අප රට සිටියේ ඉතාමත් ගැඹුරු ආර්ථික අර්බුදයක පතුලේය. එහෙත් පළමු ණය වාරිකය ලැබීමත් සමඟ එම තත්ත්වය කෙමෙන් වෙනස් වන්නට විය. අප රට ලෝකය තුළ තවදුරටත් අවිශ්වාසය ඇති කරගතයුතු රටක් හෝ බිඳ වැටුණු රටක් නොවන බවට ලෝක ප්‍රජාව තුළ නැවත විශ්වාසය ඇතිවූයේ මේ සමඟය. දෙවැනි වාරිකය තුන්වැනි වාරිකය තුළින් එම විශ්වාසය තවදුරටත් තහවුරු වූ අතර එහි ප්‍රතිඵලය වූයේ ආයෝජකයන් නැවත මෙරටට පැමිණීමත් ඒ සමඟ ලෝකයේ සෙසු ණය දෙන ආයතන මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව ද අප රට කෙරෙහි නැවත විශ්වාසනීයභාවයක් ඇතිකරගැනීමය.

දැන් අප රටක් ලෙස 2022 වර්ෂයේ සිටි තැනින් වඩාත් ඉදිරිගාමී තැනකට පැමිණ තිබේ. ඒ සඳහා මූලික කරුණ බවට පත්වූයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල මඟින් ලබා දුන් ණය වාරිකය. එම ණය මුදල් සංචිත ලෙස භාවිත කිරීම තුළ අප රටට ආර්ථික ශක්තියක් ලැබීමත්, ඒ සමඟ අප රට තුළ බිඳවැටුණු ආර්ථිකය නැවත කෙමෙන් පණ ලැබීම සඳහා අවශ්‍ය පසුබිම ද නිර්මාණය විය.

අප රට වෙත තිබෙන විශ්වාසය දීර්ඝකාලීනව ඉහළ ගිය බවට හොඳම සාධකය හතරවැනි වාරිකය ලැබීමයි. අප රටක් ලෙස නැවත අන්තර්ජාතික ප්‍රජාව තුළ ඉහළ පිළිගැනීමක් ගොඩ නඟාගෙන ඇති බවට හොඳම සාධකය ලෙස ද එය සඳහන් කළ හැකියි. නව ආණ්ඩුව බලයට පැමිණි පසු ද රට ආර්ථික අර්බුදයෙන් ගොඩගත යුතු මාර්ගයම අනුගමනය කිරීම තුළ මූල්‍ය අරමුදලේ විශ්වාසය නොබිඳී ඉදිරියට ගමන් කරන බව තහවුරු වේ.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙන්නේ පසුගිය ජනවාරි මාසය වනවිට සපුරාලිය යුතු ව්‍යුවහාත්මක කඩඉම් සියල්ල සපුරා ඇති බවයි. .එයට මෑතකදී අවසාන කළ බැඳුම්කර හුවමාරුව, ණය තිරසරභාවය සඳහා තැබූ ප්‍රධාන සංධිස්ථානයක් ලෙස පෙන්වා දී තිබේ.

මේ කරුණු අනුව පැහැදිලිව සඳහන් කළ හැක්කේ මෙරට තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථක වෙමින් තිබෙන බවයි. එසේම ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව සඳහන් කළ හැකිය.

ආර්ථිකයට විශාල උත්තේජනයක්

ඒ සියලු කරුණු මෙරට වෙත හතරවැනි ණය වාරිකය ලබා දෙනවිට සලකා බලා තිබෙන අතර උද්ධමනය වේගයෙන් පහළ යාම ආදායම් රැස් කිරීම ද ඉහළ තැනක් වෙත පත්වෙමින් තිබේ. 2023 වර්ෂයේ සිට උද්ධමනය පහළ යාම ආරම්භ වූ අතර සංචිත ප්‍රමාණය ද ඉහළ යමින් තිබේ. ආර්ථික වර්ධන වේගය ද නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් තිබේ. ඒ තත්ත්වය තුළ මෙරටට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඇති විශ්වාසය පැහැදිලි ලෙසම පෙන්වා දිය හැකිය.

මෙරටට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය වාරික හතරක් ලැබීම තුළ මෙරට ආර්ථිකයට විශාල උත්තේජනයක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙන අතර 2028 වර්ෂය දක්වා අප රට ලබාගත් ණය ප්‍රමාණ නැවත ගෙවා දැමීම සඳහා කාලයක් ද ලැබී තිබේ. මූල්‍ය අරමුදලේ අපේක්ෂාව බවට පත්ව තිබෙන්නේ 2025 වර්ෂය වනවිට ආර්ථිකය වර්ධන වේගය මෙන්ම ආර්ථික වර්ධනය ද යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

දැන් එළැඹ තිබෙන්නේ මූලික අවස්ථාවේ මෙන් අසීරු කාලය පසුකරමින් තිබේ. එහෙත් තවම අප අර්බුදයෙන් පූර්ණ ලෙස ගැලවී නැත. එහෙත් දැන් ආර්ථික ස්ථාවරභාවය ඇතිව තිබේ.

දැන් ණය ගෙවීම් ආරම්භ කිරීමට ලැබී තිබෙන කාලය තුළ මෙරට ආර්ථිකය ශක්තිමත් වීම සඳහා ගතහැකි ක්‍රියාපිළිවෙත් රැසක් තිබේ. ඒ සඳහා මූලික ලෙස ගත යුතු ක්‍රියාමාර්ගය විය යුත්තේ මෙරට ආර්ථිකය ශක්තිමත් කළ හැකි ආයෝජන ආකර්ෂණය කර ගැනීමත් දේශීය නිෂ්පාදනය ශක්තිමත් කර ගැනීම සඳහාත් දේශීය ආර්ථිකය, දේශීය නිෂ්පාදන මඟින් ආර්ථිකය පණගැන්වීම සඳහා කටයුතු කිරීමය. ඒ සියලු දේ සඳහා මූලික පසුබිම සකස් කිරීමට හැකියාව ලැබුණේ අන්තර්ජාතික අරමුදලේ ණය වාරික හතර නිසාය. පසුගියදා හතරවැනි ණය වාරිකය ලැබීම නිසා මෙරට ආර්ථික ප්‍රවර්ධනය සඳහා විශේෂ ශක්තියක් ලැබී තිබේ. ඒ තුළින් ඉදිරි අවුරුදු තුනෙන් පසු නැවත ණය ගෙවීම් ආරම්භ කිරීමට හැකියාව ලැබීම වඩාත් පහසුවනු නියතය. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තිබේ. මෙරටට ණය වාරික ලැබීමත් සමඟ ස්ථාවර මට්ටමකට පැමිණ තිබේ. ඒ නිසා විදේශීය ආයෝජකයන්ගේ කැමැත්ත සහ ආකර්ෂණය මෙරට වෙත ලැබෙමින් තිබේ. ආර්ථික වශයෙන් අස්ථාවර, දේශපාලන ලෙස අස්ථාවර රටක් වෙත ආයෝජකයන්ගේ කැමැත්ත සහ අකර්ෂණය ලැබෙන්නේ නැත. එහෙත් අද වනවිට අප රට තුළ ආර්ථික වශයෙන් ස්ථාවරවීමක් ඇතිව තිබේ. ආර්ථික අස්ථාවරත්වය නිසා එදා අස්ථාවර වූ දේශපාලනය ද අද ස්ථාවරභාවයට පත්ව තිබේ. ඒ නිසා මෙරට වෙත විදේශීය ආයෝජකයන්ගේ කැමැත්ත වැඩිවෙමින් තිබේ. ආණ්ඩුව ද මේ සඳහා ආයෝජකයන් දිනාගැනීමේ වැඩපිළිවෙළක් ඇති කළ යුතුය. තවද දේශීය ආයෝජකයන් වෙත ද මෙරට තුළ නව ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට ද ඉඩකඩ විවර කළ යුතුය. තවද දේශීය කර්මාන්ත ශක්තිමත් කරන අතර, අප රටට අවශ්‍ය කරනු ලබන අප රටට අවශ්‍ය කරනු ලබන නිෂ්පාදන අප රට තුළම නිෂ්පාදනය සඳහා අවස්ථාව නිර්මාණය කළ යුතුය. එමඟින් අප රට තුළින් ලෝකය වෙත ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය පාලනය කළ හැකිවන අතර ආයෝජකයන් මෙරට වෙත ආකර්ෂණය කර ගැනීම මඟින් විදේශ විනිමය මෙරට වෙත ඇදගැනීමට ද අවස්ථාව ලැබෙනු ඇත. මේ තත්ත්වය තුළ අප රටේ විදේශ සංචිත ප්‍රමාණය ඉහළ යාම සිදුවන 2028 වර්ෂයෙන් පසු නැවත ණය ගෙවීම් ආරම්භ කළ විට ආර්ථිකයේ නැවත අර්බුදයක් ඇති වීම එමඟින් පහසුවෙන්ම නවතා ගැනීමට පුළුවන.

රුපියල වඩාත් ශක්තිමත්

තවද ණය වාරික ලැබීම තුළ අපගේ රුපියල වඩාත් ශක්තිමත් වනු ඇත. එය ආර්ථික වශයෙන් හොඳ තත්ත්වයකි. 2022 වර්ෂයේදී සිදු වූයේ අප රට තුළ ආර්ථික අර්බුදයට හේතුවක් වූයේ ඩොලර් හිඟයයි, එදා තෙල් හිඟය ඇතුළු අර්බුද රැසකට හේතුව වූයේ මේ තත්ත්වයයි. අද අප රටට ණය වාරික ලැබීමත් සමඟ රටේ ආර්ථිකය ශක්තිමත් තත්ත්වයකට පත්ව තිබේ.

එහෙත් අප රට තවමත් පූර්ණ ලෙස අර්බුදයෙන් ගැලවී ඇතැයි මා සඳහන් කරන්නේ නැත. එනිසා ඉතා සැලකිලිමත් සහ ප්‍රවේසම්සහගත ලෙස ඉදිරි තීරණ ගතයුතුය. අද ඇතිව තිබෙන දේශපාලන ස්ථාවරභාවය ආරක්ෂා කර ගැනීම අනිවාර්යයෙන් කළ යුතුව තිබේ. අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගැනීම, දුර දිග නොබලා තීන්දු ගැනීම නොකළ යුතුය. අද ශක්තිමත් වෙමින් තිබෙන රටේ ආර්ථිකය යම්කිසි හෝ සුළු ගැටලුවක් මඟින් විශාල ගැටලුවක් ඇතිවීමට ඉඩ තිබේ. එමඟින් රටේ ආර්ථිකයට ද ගැටලුසහගත වාතාවරණ නිර්මාණය වීමේ අනතුරක් ඇති නිසා වඩාත් කල්පනාකාරී ලෙස දේශපාලන වශයෙන් අර්බුද ඇතිවන තැන් මඟහැර කටයුතු කිරීම කළ යුතුය.

ආර්ථික අර්බුදය ජයගැනීමට මෙරට සිදු කළ කැපකිරීම් ප්‍රතිඵලදායක දේවල් බවට පත්කර ගැනීමට හැකියාව ලැබෙන්නේ එවිටය.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT