Tuesday, April 22, 2025
Home » “වරුණගේ‍” සෞඛ්‍ය තත්ත්වය අයහපත්

“වරුණගේ‍” සෞඛ්‍ය තත්ත්වය අයහපත්

by chanaka
March 4, 2025 4:25 pm 0 comment

පින්නවල අලි අනාථාගරයේ වෙසෙන “වරුණ” අලියාගේ සෞඛ්‍ය තත්වය අයපත් මට්ටමකට ළගා වී ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

හොරොව්පතාන ප්‍රදේශය ආශ්‍රිත කැලෑවක හුදකලාව සිටියදී මාස කිහිපයක කුඩා පැටවකු ලෙස හමුවූ මෙම අලි පැටවා රිටිගල අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් අවුරුද්දක් පමණ වයස වූ පසු පින්නවල අලි අනාථාගාරය වෙත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2012 වසරේදී භාර දෙනු ලැබීය.

මෙම සත්වයාගේ වර්ධනය සාමාන්‍ය අලියෙකුගේ වර්ධන වේගයට වඩා අඩු මට්ටමක් පෙන්වීම හේතුවෙන් පින්නවල අලි අනාථාගාරයේ පශූ වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කළ රුධිර පරීක්ෂණ හා අනෙකුත් අත්‍යවශ්‍ය පරීක්ෂණවලදී මෙම සත්වයාට Hyperthyroidism ලෙස හඳුන්වන හෝර්මෝන අසමතුලිතතාවක් (Hormonal Imbalance) පවතින බවට මිට වසර කිහිපයකට පෙර සොයා ගැණුනි.

මෙම රෝගී තත්වය ශරීර වර්ධනයට සෘජුවම බලපාන අතර එය සතාගේ ආහාර ගැනීම අඩුවීමට හේතුවන බැවින් එය රුධිරගත ග්ලූකෝස් මට්ට අඩුවීමටද හේතු වේ.

එවැනි අවස්ථාවලදී සතා බිම වැතිර සිටින අතර එහිදී පශූ වෛද්‍ය නිලධාරීන් විසින් සේලයින් මගින් ග්ලූකොස් ලබාදීම හා බාහිර යන්ත්‍රෝපකරණ (ක්‍රේන් මඟින්) සතාට නැවත සිට ගැනීමට අවශ්‍ය සහාය ලබා දීම මිට පෙර අවස්ථා කිහිපයකදී සිදු කළ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කළේය.

අද (04) උදෑසනද මෙම අලියා බිම වැතිර සිටිනු නිරීක්ෂණය කර ඇති අතර සත්ව අංශයේ සත්ව පාලක හා සේවක මහතුන් සමඟ එක්ව මෙම සත්වයාට සේලයින් සමග අවශ්‍ය ග්ලූකොස් ප්‍රතිකාරය ලබාදී ක්‍රේන් භාවිතාකර සත්වයා නැගිසිටුවීමට උත්සාහ දරා තිබේ.

කෙසේ වෙතත් සත්වයා පසුගිය අවස්ථාවල මෙන් ඒ සදහා ප්‍රතිචාර නොදක්වන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා. මේ සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, පශූ වෛද්‍ය ආර්.සී.රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත පින්නවල අලි අනාථාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, මිහිරාන් මැදවල මහතාගේ අධීක්ෂණය යටතේ සත්ව අංශයේ සත්ත්ව පාලක හා සේවක මහතුන් එක්ව ප්‍රතිකාර හා සහාය ලබාදීමේ අඛණ්ඩ මෙහෙයුම ක්‍රියාත්මකය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT