Home » සිරුර පැහැපත් කරන කිරිපිටි හොර පාරෙන් කටුනායකට ඇවිත්

සිරුර පැහැපත් කරන කිරිපිටි හොර පාරෙන් කටුනායකට ඇවිත්

by yasara
March 4, 2025 4:14 pm 0 comment

රුපියල් ලක්ෂ දහ අටක් වටිනා  සිරුර පැහැපත් කිරිමට යොදා ගන්නා විටමින් අඩංගු කිරිපිටි ටින් 179 ක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්  කටුනායක ගුවන් ” හරිත මාවත ” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ   ගුවන් මගීන් දෙදෙනෙකු  අද (04) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතරින් එක් අයෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් තැනැත්තිය කොළඹ , කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරිනියකි .

ඔවුන් දෙදෙනා අද උදෑසන 09.17 ට මැලේසියාවේ ක්වාලාලාම්පූර්  නුවර සිට එයාර් ඒෂියා  ගුවන් සේවයේ ඒ.කේ.- 45 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු බවට ජාතික ඖෂධ අධිකාරියේ අවසරයකින් තොරව මෙම කිරිපිටි තොගය මෙරටට රැගෙන විත් තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT