Home » දළදා ප්‍රදර්ශනයට විශේෂ බස් රථ සේවා

දළදා ප්‍රදර්ශනයට විශේෂ බස් රථ සේවා

by chanaka
March 4, 2025 3:33 pm 0 comment

වසර 16කට පසු පැවැත්වීමට කටයුතු යොදා තිබෙන විශේෂ දළදා ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය බස් රථ යෙදවීමට පියවර ගන්නා බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ ධාවන අධ්‍යක්ෂිකා ෂෙරීන් අතුකෝරල මහත්මිය දිනමිණට පැවසීය.

අලුත් අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන විශේෂ බස් සේවාව පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ ඊට අදාළ ආයතනවල නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වූ බව කී ඒ මහත්මිය විශේෂ දළඳා ප්‍රදර්ශනය සදහා ක්‍රියාත්මක කෙරෙන විශේෂ බස් සේවා සම්බන්ධයෙන් පළත් නමය නියෝජනය කරමින් මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවද කීවාය.

කොළඹින් මහනුවර දක්වා යොදවන බස් රථ සෘජුවම කොමිෂන් සභාව හරහා ක්‍රියාත්මක කරන බවත් පළාත් බස් රථ සදහා අවශ්‍ය තාවකාලික ධාවන අවසරපත් නිකුත් කරන බවත් ඇය සදහන් කළාය.
දළඳා ප්‍රදාර්ශනය ආරම්භ වීමට නියමිත එළැඹෙන අප්‍රේල් මස 18 වැනිදා සිට මහනුවර දක්වා ආරම්භ කරන බවත් දෛනික බස් රථ වලට අමතරව මෙම බස් සේවා ක්‍රියාත්මක කෙරේ.

දළදා ප්‍රදර්ශනය සමාරම්භක දිනයේ අප්‍රේල් මස 18වැනිදා පමණක් ප.ව. 3ට ආරම්භකර ප.ව. 5.30ට දළඳා ප්‍රදර්ශනය අවසන් කෙරේ. ඉන් අනතුරුව 19 වනදා සිට 27වැනිදා දක්වා දහවල් 12 සිට ප.ව. 5.30 දක්වා දළඳා ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT