Home » බිලියන 1.2ක් විදෙස් දුම්වැටි විනාශ කෙරේ

බිලියන 1.2ක් විදෙස් දුම්වැටි විනාශ කෙරේ

by yasara
March 4, 2025 1:14 pm 0 comment

නීති විරෝධීව මෙරටට රැගෙන ආ විදෙස් දුම්වැටි තොගයක් විනාශ කිරීමට ශ්‍රී ලංකා රේගුව අද (04) පියවර ගෙන  තිබේ.

පසුගිය වසරේ දී අදාළ දුම්වැටි තොගය තීරුබදු නොගෙවා මෙරටට රැගෙන විත් තිබු අතර එහි වටිනාකම රුපියල් බිලියන 1.2ක් වන බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ ලංකා දුම්කොළ සමාගම් පරිශ්‍රයේ පිහිටි නීතිවිරෝධී දුම්වැටි විනාශ කිරීමේ අංගනයේදී එම දුම්වැටි තොගය විනාශ කර තිබෙයි.

2024, 2022 සහ 2018 යන වසරවලදී රේගුව විසින් අත්අඩංගුවට ගත් එම දුම්වැටි තොගය රේගු විමර්ශනවලින් අනතුරුව රාජසන්තක කිරීමෙන් පසු මෙලෙස විනාශ කිරීමට කටයුතු කර ඇත.

(ඡායාරූප සුලෝචන ගමගේ)


You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT