Monday, April 21, 2025
Home » සීසන් අරන් මගහැර ගියොත් මේ අංකයට කියන්න

සීසන් අරන් මගහැර ගියොත් මේ අංකයට කියන්න

by yasara
March 4, 2025 8:30 am 0 comment

පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට 1958 අංකයට දැනුම් දෙන්නැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පසුගියදා පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම ගැටළුව පිළිබඳව සාකච්ඡා වූ අතර එම අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත.

මෙහිදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා  අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියේ ඕනෑම පුරවැසියෙකුට මේ සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දීමක් කළ හැකි බවයි.

මේ පිළිබඳව තමා දැනුවත් බවත්, මෙවැනි අකටයුතු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන වන බවත්, මේ පිළිබඳව ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කර ඇති බවත් එතුමා තවදුරත් අදහස් දක්වමින් කියා සිටියේය.

මෙම කාරක සභාවට වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු , ප්‍රවාහන සහ මහාමාර්ග  නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ද එමඅමාත්‍යාංශයට අනුබද්ධිත රාජ්‍ය ආයතනයන්හී නිලධාරිහු ද සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT