Sunday, April 20, 2025
Home » රට ගිය පාතාලයන් 293කට රතු-නිල්-කහ වරෙන්තු

රට ගිය පාතාලයන් 293කට රතු-නිල්-කහ වරෙන්තු

by chanaka
March 2, 2025 9:25 am 0 comment

විදේශවලට පලාගොස් එම රටවල සිට මෙරට සංවිධානාත්මක අපරාධ සහ මනුෂ්‍ය ඝාතන මෙහෙයවන පාතාල සාමාජිකයන් 293 දෙනකුට අන්තර්ජාතික පොලීසිය මඟින් මේ වන විට රතු, නිල් සහ කහ නිවේදන නිකුත් කර තිබේ.

රතු නිවේදන 199ක්, නිල් නිවේදන 90ක් සහ කහ නිවේදන 4ක් මෙලෙස නිකුත් කර ඇත.

විදෙස්ගතව සිටින අපරාධකරුවන් මෙලෙස මෙරටට ගෙන්වාගැනීම සඳහා අන්තර්ජාතික සහය පොලීසියට නොඅඩුව ලැබී ඇති අතර, විදේශගතව සිටි අපරාධකරුවන් 19 දෙනකු පසුගිය දිනවල මෙරටට රැගෙනැවිත් තිබේ.

මේ ක්‍රියාදාමය තීව්‍ර වීමත් සමඟ මෙරට අපරාධකරුවන් වෙනත් රටවලට පලායෑමේ ඉඩකඩද සීමා කළ හැකි බව පොලීසියේ අදහසයි.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT