Monday, April 21, 2025
Home » වන සත්ව හානි අවම කිරීමට නිර්දේශ ලබා ගන්න ඇමැති ලාල්කාන්ත‌ගෙන් විශේෂ කමිටුවක්

වන සත්ව හානි අවම කිරීමට නිර්දේශ ලබා ගන්න ඇමැති ලාල්කාන්ත‌ගෙන් විශේෂ කමිටුවක්

by yasara
March 1, 2025 10:55 am 0 comment

වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගැනීමට සහ වගාවන්ට හානි කරන සතුන් කලමනාකරණය සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක්  පත්කර ඇත.

මෙම කමිටුවේ සභාපති ලෙස කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (කෘෂි සංවර්ධන) ඩී.එස් රත්නසිංහ මහත්මිය පත්කර ඇති අතර, තවත් සාමාජිකයින් 15 දෙනෙක් මේ සඳහා ඇතුලත් වේ.

කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත්) පී. එස්. ප්‍රනාන්දු , කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) ජී.ජී.වී. ශ්‍යාමලී , පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය ජේ. ඒ. ඩී.ජේ. එස්.කේ. ජයකොඩි , හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ මහාචාර්යය ඒ. එල්. සන්දික , ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (සේවා) කේ. ඒ. සුමිත් චන්දන , කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (කෘෂි සංවර්ධන) ජේ.ඒ. තුසිත චන්දන , කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (කෘෂි ව්‍යාපාර) අජිත් පුෂ්පකුමාර , කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (පශු සම්පත්) වෛද්‍ය සංජික පෙරේරා , වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සත්ව සෞඛ්‍ය) වෛද්‍ය තාරක ප්‍රසාද් , කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (කෘෂි තාක්ෂණ) ටී. එච්. අමරසිංහ , කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) පී.ඩබ්. ප්‍රමුෂ්කා හිරුණි , ජන‍ලේඛන හා සංඛ්‍යාලේඛන  දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්ද්‍රානි ජයවික්‍රම , සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වනජීවී දෙපාර්තමේන්තු සම්බන්ධීකාරක ලුතිනල් කර්නල් එච්.ටී.පී. කුමාරසිංහ ,කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ) ආචාර්ය ශිරෝමණී එදිරිමාන්න   මහත්ම මහත්මීහු මෙම  විශේෂ කමිටු‍වේ සාමාජිකයෝ වෙති.

මෙම කමිටුව විසින් ගනු ලබන සියලු නිර්දේශ මාර්තු මස අවසන් වීමට ප්‍රථම කෘෂීකර්ම අමාත්‍යවරයා වෙත භාර දීමට නියමිතය.

මෙම කමිටුව මඟින් මේ වනවිටත් වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගැනීම හා කෘෂි බෝග සඳහා හානි කරන සතුන් කලමනාකරණය පිළිබඳව අදහස් හා යෝජනා විද්වතුන්, පරිසර සංවිධාන, පරිසරවේදීන්, ගොවි මහතුන්, නව නිපැයුම්කරුවන් හා පුරවැසියන්ගෙන් ලබාගෙන ඒවා ඇගයීමට ලක්කරමින් ඇත.

මෙම කෘෂි බෝග සඳහා හානි කරන වන සත්ව ගහනය පිළිබඳව නිරවද්‍ය දත්ත පද්ධතියක් මේ වනවිට නොමැති වීම නිසා තෝරාගත් වනසතුන් කිහිපයක් සඳහා සංගණනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය කමිටුව විසින් හඳුනා ගෙන ඇත. මෙම සංගණනය ලබන මාර්තු මස සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, මෙහි සාර්ථකත්වය මැන බැලීම සඳහා පූර්ව පරීක්ෂාවක් ඉංගිරිය ග්‍රාම නිලධාරී වසමක් තෝරාගෙන පසුගියදා පැවැත්විණ.

එමෙන්ම පසු මාසයේ 27 වැනිදා මෙම  විෂයට අදාළ විශේෂඥයන්  පිරිසකගේ අදහස්  විමසීමක්  අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් පැවැත් වූ අතර මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ  වනජීවීන් කළමනාකරණයට අදාළ කිසිදු ආයතනයක් මේ වනවිට නොමැති බවත් වනජීවීන් කළමනාකරණය පිළිබඳව කතිකාවතක් සමාජය තුළ ගොඩනැගිය යුතු බවත්ය. නිසි කළමණාකාරීත්වයක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ වර්ධනය වූ මෙම ගැටලුව් විසඳීම සඳහා අවශ්‍ය මැදිහත්වීම වර්තමාන රජය විසින් සිදු කරමින් මෙම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේදී කෙටිකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී  ප්‍රකාශ කළේය.

(බුද්ධිකා ඉඹුලාන )

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT