Sunday, April 20, 2025
Home » යාල වනෝද්‍යානය තවකාලිකව වැසෙයි

යාල වනෝද්‍යානය තවකාලිකව වැසෙයි

by yasara
March 1, 2025 10:43 am 0 comment

පවතින වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බව එව වනෝද්‍යානය භාර මනෝජ් විද්‍යාරත්න මහතා පවසයි.

පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් වනසතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද (01) සිට වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට තීරණය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT