ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වූ බන්දුල වර්ණපුර බිහිකළ නාලන්දාව සහ 96 ලෝක කුසලානය දිනාගත් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග බිහිකළ ආනන්දය අතර, වාර්ෂිකව පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් ගැටුම අද 95 වැනි වරටත් කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී තුන්දින තරගයක් ලෙස ආරම්භ වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එදා මෙදාතුර වැඩිම ක්‍රීඩකයන් පිරිසක් සපයා දී ක්‍රීඩාවට අමිල දායකත්වයක් ලබාදුන් පාසල් දෙකක මහා තරගයක් ලෙස සුලෝහිත සංග්‍රාමය ඉතිහාසයට එක්ව තිබේ. මේ දක්වා මේ විදුහල් දෙක ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් පිලට අති දක්ෂ ක්‍රීඩකයන් 30කට වැඩි පිරිසක් දායාද කර ඇත.
පළමුවෙන්ම ගුවන් විදුලියේ සිංහල බසින් ක්‍රිකට් විස්තර ප්‍රකාශයක් පැවැත්වූ කරුණාරත්න අබේසේකර මහතා ආදි නාලන්දියකු වන අතර, ක්‍රිකට්, ගමට සමීප කළ ප්‍රවීණ ක්‍රිකට් විස්තර ප්‍රකාශකයන් වන ප්‍රේමසර ඈපාසිංහ, පාලිත පෙරේරා හා කමල් දේශප්‍රිය ද ආදි නාලන්දියෝ වෙති.
සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමැතිවරු රැසක් ද ක්‍රීඩා කර තිබීම විශේෂත්වයක් වන අතර, ආදි නාලන්දා හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක රොෂාන් මහානාම ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල එලයිට් පැනල් විනිසුරුවරයකු හා කුමාර ධර්මසේන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයකදී ක්‍රීඩකයකු සහ ප්‍රධාන විනිසුරුවරයකු වූ ලොව පළමු පුද්ගලයා බවට පත්වූවේය.
ආනන්දයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඉතිහාසය තුළ බිහිවුණු අති දක්ෂ මුදල් ඇමැතිවරයකු වූ ආචාර්ය එන්.එම්. පෙරේරා අනුස්මරණ අභියෝගතා කුසලානය සඳහා ක්‍රීඩා කරන ආනන්ද කණ්ඩායම තෙවැනි වසරේ වර්ණලාභී අශිංස නයිනායක විසින් මෙහෙයවනු ලබන අතර, නාලන්දා පිල තෙවැනි වසරේ වර්ණලාභී සදෙව් සමරසිංහ විසින් මෙහෙයවනු ලබයි.
ආනන්ද පිලේ උප නායක කිත්ම විතානපතිරණ මෙවර තරග 10කදී ලකුණු 467ක් ලබා සිටින අතර, නාලන්දාවේ උප නායක මනුප මන්මිත තරග 12කදී ලකුණු 646ක් ලබා පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටිති. පන්දු යැවීමේදී මම තරග වාරයේදී වැඩිම කඩුලු දවාගෙන මල්ෂ ප්‍රනාන්දු (නාලන්දා) කඩුලු 45ක් හා අශිංස නයිනායක (ආනන්ද) කඩුලු 55ක් ලෙස පන්දු යවන්නන් අතර ඉදිරියෙන් සිටිති.
සුලෝහිත සංග්‍රාමය වාර්ෂිකව 94 වතාවක් පැවති අතර, එයින් තරග 12ක් ආනන්ද විදුහල හා තරග 7ක් නාලන්දා විදුහල ජය හිමිකර ගත්හ. ආනන්ද විදුහල 2003 වසරේදී ඩී. කුලරත්නගේ නායකත්වයෙන් හා නාලන්දා විදුහල 2022 වසරේදී දිනෙත් සමරවීරගේ නායකත්වයෙන් අවසන්වරට ජය වාර්තා කර ඇත.

ආනන්ද ක්‍රිකට් පිල: ඉදිරි පෙළ (වමේ සිට) – යසඳු කිරිඇල්ල, හසල සංකල්ප මහතා, වසන්ත ඉන්දික මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ආර්.ඒ.ඒ.රණසිංහ මහතා, රන්දික පෙරේරා මහතා, අශිංස නයිනායක (නායක), ලාල් දිසානායක මහතා (විදුහල්පති), කිත්ම විතානපතිරණ (උපනායක), සුගීත් මධුරංග මහතා (නියෝජ්‍ය විදුහල්පති), ආර්.එම්.ඩී.ඩී.එන්.කේ. රත්නායක මහතා (සහාය විදුහල්පති), සංජය දේවපුර මහතා, සමීර පල්ලියගුරු මහතා, රජීව ක්‍රිෂාන් මහතා, පසුපස (වමේ සිට) – දිලාල් අමරසිංහ, කවීෂ මෙන්ඩිස්, චමත්ක ඉරූෂා, කෙනුල් ද සොයිසා, ශාරද ජයරත්න, දිනද අතලගේ, මිහින් මුණසිංහ, සෙනුල් ධනතිස්ස, රෂාන් දිලක්ෂ, දනිරු රණසිංහ, දසිත් බටුගහගේ, නෙතුල එදිරිමාන්න, දනුල එදිරිමාන්න, දනුල පෙරඳුම ඉඳුවර.

නාලන්දා ක්‍රිකට් පිල: ඉදිරි පෙළ (වමේ සිට) – පුයකත අබේගුණසේකර මහතා (සහාය පුහුණුකරු), මොනිෂන් චතුරංග මහතා (සහාය ක්‍රිකට් භාර ආචාර්ය), කපිල නන්දකුමාර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), රිසාත් ජයරත්න, මනුප මන්මිත (උප නායක), යූ.ඩී. ඉරාන් චම්පික සිල්වා මහතා (විදුහල්පති), සදෙව් සමරසිංහ (නායක), එම්.එම්.ජේ. මාරසිංහ (ක්‍රීඩා භාර ආචාර්ය), නුවන් සොයිසා (ප්‍රධාන පුහුණුකරු), අශාන් පීරිස් (සහාය පුහුණුකරු), පසුපෙළ (වමේ සිට) – සත්මිණ සේරසිංහ, මානස ද සිල්වා, සන්තුල් විජේරත්න, නෙමිඳු අක්මීමන, රනුග වත්තුහේවා, නදුල් ජයලත්, සහන් ලිත්මිණ, මල්ෂ ප්‍රනාන්දු, පුන්සර රාජකරුණා, හසිත් රත්නායක, තිසර දෙව්දුනු, මිනෙව් පරණවිතාන, තිමත් හේරත්, ගෙවිඳු මනම්පේරි, ඔසඳ පමුදිත.