Home » රන් සටන අද සිට තෙදිනක් මොරටුවේදී

රන් සටන අද සිට තෙදිනක් මොරටුවේදී

by mahesh
February 28, 2025 1:00 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර
වේල්ස් කුමර විදු­හල් කණ්ඩායම

මොරටුව වේල්ස් කුමර විදුහල සහ සාන්ත සෙබස්තියන් විදුහල අතර 75 වැනි මොරටු රන් සටන මහ ක්‍රිකට් තරගය අද (28) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

පළමු වරට තෙදිනක් ක්‍රීඩා කරන මේ තරගයේදී රිවාන් ජයසූරිය, වේල්ස් කුමර පිල මෙහෙයවන අතර, රයන් දිසානායක සාන්ත සෙබස්තියන් පිලට නායකත්වය දෙයි.

මෙතෙක් පැවති තරග අතරින් ජයග්‍රහණ 6ක් හිමිකර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් වෙද්දී සාන්ත සෙබස්තියන් විදුහල තරග 4ක් ජය ගෙන තිබේ. පසුගිය වසරේ මේ තරගය ජය ගැනීමට සාන්ත සෙබස්තියන් පිල සමත් වෙද්දී වේල්ස් කුමර අවසන් ජයග්‍රහණය 1977දී වාර්තා වී තිබේ.

මේ තරගයට සමගාමීව පැවැත්වෙන 40 වැනි එක්දින තරගය ලබන මස 8 වැනිදාත්, විස්සයි20 තරගය 9 වැනිදාත් ද සොයිසා ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

වේල්ස් කුමර සංචිතය – රිවිත් ජයසූරිය (නායක), රිසිඳු ප්‍රනාන්දු (උපනායක), ගවේෂ ප්‍රනාන්දු, පසන් කුරේ, ප්‍රින්ස් ප්‍රනාන්දු, රුසඳු සිල්වා, ඔෂඳ සිල්වා, සචිර ඩේමියන්, නවීන් ප්‍රනාන්දු, ප්‍රසන්න විජේසේන, ෂෙනුක සේනානායක, සිතුමිණ ප්‍රනාන්දු, පළිඟු පෙරේරා, නෙතුල් අනුහස්, යෙහෙනින් බණ්ඩාර, ඩිල්ෂාන් මෙන්ඩිස් (ප්‍රධාන පුහුණුකරු), සිතුම් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු), හසිත කේසර වෙත්තමුණි (විදුහල්පති), දමින්ද්‍ර කූඩලිගම (නි. විදුහල්පති සහ ක්‍රීඩා පරිපාලක), සරත් තිලකරත්න (ක්‍රීඩා භාර ආචාර්ය).

සා. සෙබස්තියන් සංචිතය – රයන් දිසානායක (නායක), අදේෂ් අල්මේදා (උපනායක), සෙදිනු පීරිස්, උෂේන් සිල්වා, නවෝද් ප්‍රනාන්දු, අදීෂ ලක්ෂාන්, කවිෂ පෙරේරා, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු, රිසිනු ප්‍රබේෂ්, ෂෙනන් ද සිල්වා, ආකාෂ් දිසානායක, ෂෙෆාන් ප්‍රනාන්දු, ලෂේන් ප්‍රනාන්දු, මලින්ත සිල්වා, මෙෂෝන් ෆරිඩිනැන්ඩු, ශිනාස් හෂේන්, පසන් වනසිංහ (ප්‍රධාන පුහුණුකරු), මෙහොමඩ් අසාර් (සහාය පුහුණුකරු), දයා දර්ශන පියතුමා (විදුහල්පති), ඩිලූෂ චාමර පියතුමා (ක්‍රීඩා පාලක), කනිෂ්ක පෙරේරා (ක්‍රිකට් භාර ආචාර්ය), සඳරු පෙරේරා (කණ්ඩායම් භාර ආචාර්ය).

සාන්ත සෙබ­ස්ති­යන් විදු­හල් කණ්ඩායම

සාන්ත සෙබ­ස්ති­යන් විදු­හල් කණ්ඩායම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT