Monday, April 21, 2025
Home » ඩයලොග් නිල් මහ සටන බලගන්වයි

ඩයලොග් නිල් මහ සටන බලගන්වයි

by mahesh
February 28, 2025 1:00 am 0 comment

(වමේ සිට) සා. තෝමස් ක්‍රිකට් නායක කවිඳු ඩයස්, රෝයල් තෝමියන් ඒකාබද්ධ තරග සංවිධායක කමිටුවේ සම සභාපති රමේෂ් අබේවික්‍රම (රාජකීය), රාජකීය විද්‍යාලයේ විදුහල්පති එල්.ඩබ්. ක්‍රිෂාන්ත පෙරේරා, ඩයලොග් ආසිආටා පීඑල්සීහි උපසභාපති - සන්නාම හා මාධ්‍ය, හර්ෂ සමරනායක, එම සමාගමේ සමූහ ප්‍රධාන නිලධාරී - Dialog Enterprise, නවීන් පීරිස්, සා. තෝමස් විද්‍යාලයේ වැඩබලන පාලක අසංක පෙරේරා, රෝයල් තෝමියන් ඒකාබද්ධ තරග සංවිධායක කමිටුවේ සම-සභාපති අර්ජුන වෛද්‍යසේකර (තෝමස්), රාජකීය විදුහල් ක්‍රිකට් නායක රමිරු ‌පෙරේරා ඡායාරූපයේ සිටිති. ඡායාරූපය - රංජිත් අසංක

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 146 වැනි වරට පැවැත්වෙන ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ලබන මස 6,7 සහ 8 දිනවල කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙරට අංක එකේ සන්නිවේදන සම්පාදකයා සහ මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සමඟ නිබඳව රැ‍‌ඳෙන අනුග්‍රාහකයකු වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. විසින්‍ මෙවර ද මේ ඓතිහාසික සටන බලගන්වනු ලබයි. යොවුන් දක්ෂතා පෝෂණය කිරීම සහ ක්‍රිකට් ක්‍රීඩාවේ මීළඟ පරම්පරාවේ විශිෂ්ටයන් පෝෂණය කිරීම සඳහා නිබඳව කැපවන එම සමාගමේ එකතුව, නිල් මහ සටනේ උ‍රුමය පෙර නොවූ විරූ ලෙස ශක්තිමත්ව රැඳී පවතින බවට සහතිකයකි.

මෙවර තරගයේදී රාජකීය පිල රමිරු පෙරේරා විසින් ද සාන්ත තෝමස් පිල කවිඳු ඩයස් විසින් ද මෙහෙයවනු ලබති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT