Saturday, April 19, 2025
Home » නියෝජ්‍ය ඇමැතිවරු ගම්පහදී පැළ බෙදති

නියෝජ්‍ය ඇමැතිවරු ගම්පහදී පැළ බෙදති

by mahesh
February 28, 2025 1:00 am 0 comment

කොච්චිකඩේ - ඩී. මිහිඳුකුල

වර්තමාන රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබෙන Òක්ලීන් ශ්‍රී ලංකාÓ වැඩසටහනට සමගාමීව ඊයේ (26) මීගමුව බස් නැවතුම්පොළ සමීපයේ පැවැත්වූ විශේෂ වැඩසටහනකදී පලතුරු පැළ බෙදා දීමක් සිදු කෙරිණි.

මෙම වැඩසටහන සඳහා ක්‍රීඩා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සහභාගී වූහ. වැඩසටහන සංවිධානය කරනු ලැබ තිබුණේ මීගමුව, සමාජවාදී තරුණ සංගමය මඟිනි. මේ අනුව පලතුරු පැළ 650ක පමණ ප්‍රමාණයක් මීගමුව බස් නැවතුම්පොළට පැමිණ සිටි අය අතරේ බෙදා දෙන ලදී. එලෙසම මෙම වැඩසටහනට සමගාමීව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එක්ව මීගමුව කලපුව පිරිසුදු කිරීමේ වැඩසටහනක් ද පැවැත්වීය.

වැඩසටහනේ අරමුණ පිළිබඳව අදහස් දැක්වූ මීගමුව සමාජවාදී තරුණ සංගමයේ ප්‍රධාන සංවිධායිකා මල්ෂානි පෙරේරා මෙණෙවිය පැවසුවේ, සාමූහික පදනමක් තුළ ශක්‍යතාව, නිර්මාණශීලිත්වය හා ආශාව සහිත නවමු අදහස් තුළින් සුපෝෂිත සහ ජවසම්පන්න තාරුණ්‍යයට මංපෙත් විවර කර දීමත්, සමාජයේ අනාගතය ගොඩනැඟීමත් වෙනුවෙන් මෙවැනි ප්‍රජා සේවා ව්‍යාපෘති, පාරිසරික ව්‍යාපෘති සහ විනෝද ක්‍රියාකාරකම් තම සංගමය මඟින් පැවැත්වීමට කටයුතු කරනු ලබන බවයි.

මීගමුව බස් නැවතුම්පොළට පැමිණ සිටි බොහෝ පිරිසක් ඉතා උනන්දුවෙන් සහ උද්‍යෝගයෙන් යුතුව මෙම වැඩසටහනට සහභාගී වෙමින් පැළ ලබා ගන්නා ආකාරය දැකගත හැකි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT