නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර විසින් රචිත ග්‍රන්ථ ත්‍රිත්වයක් එළිදැක්වීම හෙට (1) ත්‍රිකුණාමලය ඕර්ස්හිල් විවේකානන්දා මහා විද්‍යාල ශ්‍රවණාගාරයේදී සිදු කරන බව පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව කියයි. ‘විල මැද සටන’ (පරිවර්තන ග්‍රන්ථය), ‘විද්‍යාවේ හා මිනිස් මොළයේ අබිරහස්’ සමග ‘විද්‍යාවේ හා මිනිස් මොළයේ අබිරහස් සිංහල මුල් කෘතියේ දෙමළ පරිවර්තනය’ යන ග්‍රන්ථ මෙහිදී එළිදැක්වීමට නියමිතය. මෙම අවස්ථාව කුවේට් ශ්‍රී ලංකා හිටපු තානාපති බාලසුබ්‍රමනියම් කාන්දීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර, මේ පිළිබඳ විශේෂ දෙසුම් නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ භාෂා හා සංවේදන අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය ජී.ඒ.ජී.ඒ. ගනේගොඩ හා සම්මානලාභී ගත් කතුවර උපනන්ද වැලිකල යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබේ.
මහාචාර්ය ජයන්ත ලාල්ගේ පොත් තුනක් එළිදකී
by mahesh
February 28, 2025 1:00 am
0 comment
ත්‍රිකුණාමලය විශේෂ - ඒ.ටී.එම්. ගුණානන්ද අමරජීව
148
කලින් පුවත