Home » මහවැලි‍යේ උදවුවෙන් මිරිස් ගොවීන්ගේ අතමිට සරු වෙයි

මහවැලි‍යේ උදවුවෙන් මිරිස් ගොවීන්ගේ අතමිට සරු වෙයි

by mahesh
February 28, 2025 1:00 am 0 comment

වවුනියාව උතුර සමූහ - බන්දුල සෙනෙවිරත්න

– මුර 5කදී ලක්ෂ 25ක ආදායමක්
– අඩු කාලයකදී වැඩි අස්වැන්නක්

මහවැලි අධිකාරිය, මහවැලි එල් කලාපය මඟින් එක් ගොවියකුට සුහුරු ඒකක තුළ අක්කර කාලක වගාව සඳහා රුපියල් ලක්ෂ තුනහමාර බැඟින් ගොවීන් 60දෙනකු සඳහා සහනාධාර ලබා දී ඇතැයි එම කලාපයේ නේවාසික ව්‍යපෘති කළමනාකරු ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා පැවසීය.

නියෝජ්‍ය ව්‍යාපෘති නේවා­සික කළ­ම­නා­කරු 
වන්නි­නා­යක සහ හේමන්ත 
කුල­සු­රිය
ගොවි මහතා

නියෝජ්‍ය ව්‍යාපෘති නේවා­සික
කළ­ම­නා­කරු
වන්නි­නා­යක සහ හේමන්ත
කුල­සු­රිය
ගොවි මහතා

නව රජය මඟින් තවත් ව්‍යාපෘති රැසක් සඳහා මුදල් ලබා දී ඇති බවත්, එම ව්‍යාපෘති ද මේ වනවිට ක්‍රියාත්මක මට්ටමේ පවතින බවත් හෙතෙම කියා සිටියේය. හේමන්ත කුලසේකර ගොවි මහතා එලෙස ආධාර ලබා ගත් එක් ගොවි මහතෙකි. මහවැලි නිලධාරීන් වගාවට අවශ්‍ය ආරක්ෂිත දැල්, ජලනළ, ජල මෝටරය ඇතුළු උපකරණ (පොලිටැනල්) තෝරාගෙන ඇති සියලු ගොවි මහතුන්ට ලබා දී ඇති අතර, කුලසේකර ගොවි මහතා මේ වනවිට සිය අස්වැන්නේ පස්වැනි මිරිස් අස්වැන්න මුරයත් කඩා විකුණා තිබේ. මුර පහේම අස්වැන්න කිලෝ ග්‍රෑම් 2,500 ඉක්මවූ බව පවසන ඔහු, කිලෝවක් රුපියල් 1,000ත් 1,400ත් අතර මිලකට අලෙවි කිරීමට හැකිවූ බවත්, ඒ නිසා තමන්ට දැනට රුපියල් ලක්ෂ 25කට වැඩි ආදායමක් ලැබී ඇති බවත්, මෙහිදී මහවැලි නිලධාරීන් නිරන්තරයෙන් තමන්ට අවශ්‍ය කෘෂි උපදෙස් හා දැනුම ලබාදෙන බවත් කුලසේකර මහතා කියා සිටියේය. හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ, වගාවට පොහොර යොදන්නේ ජල සැපයුම හරහා වන අතර, දියර පොහාර මිල තරමක් ඉහළ ගොස් ඇති අතර ඇතැම් පොහොර ලීටරයක් රුපියල් 2,500ක් පමණ වන බවයි.

ඔහු තවදුරටත් මෙසේ ද කීය.

“කෘෂිකර්ම නව්‍යකරණ වැඩසටහන යටතේ සුහුරු ඒකක තුළ මම මිරිස් වගාව කළේ පළමුවැනි වතාවට. ඒත් ඒ වගාවෙන් මම මීට කලින් කරපු හැම වගාවකටම වඩා වැඩි අස්වැන්නක් හා ලාභයක් ගන්න පුළුවන් වුණා. මම මේ වෙනකොට අක්කර කාලක මිරිස් වගාවෙන් ලක්ෂ 25ක පමණ ආදායමක් ලබාගෙන තිබෙනවා. අවුරුදු 20ක වගේ ඉඳලා මම වගා කරනවා. වී, බඩඉරිඟු, උඳු, කවුපි, එළවළු වර්ග වගේම සාමාන්‍ය විදියට මිරිස් වගාවත් කරලා තියෙනවා. ඒත් අඩු මහන්සියකින් කෙටි කාලයක මේ වගේ අස්වැන්නක් ලබා ගැනීමට හැකිවෙලා තිබුණේ නෑ. නව තාක්ෂණය යටතේ වගා කරන්න මහවැලි නිලධාරීන් අවශ්‍ය පුහුණුව, දැනුම වගේම උපකරණ හා අංගෝපාංග ලබා දෙමින් දැක්වූ සහාය නොවන්නට මේ තරම් සාර්ථක වගාවක් සිදු කරන්නට බැහැ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT