වී අස්වනු නෙළන මේ දිනවල ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වී ගොවීන් ඉකුත් දින කිහිපය තුළ රජයට වී කිලෝ 16336ක් ලබා දුන් බව වී අලෙවි මණ්ඩලය පවසයි.
තඹලගමුව හා කන්තලේ පෝටන්කාටුව ගබඩාවලට මෙම වී තොගය ලබාදුන් බව වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු (නැඟෙනහිර) ඩබ්.ආර්. අජිත් ශාන්ත කුමාර මහතා පැවසීය.
2024/25 මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අස්වනු නෙළන ප්‍රදේශ ආවරණය වන පරිදි රජයේ ගබඩා 23ක් විවෘත කර ඇති බව ද ප්‍රාදේශීය කළමනාකාරවරයා පවසයි. ප්‍රමිතියෙන් යුක්ත නාඩු කිලෝවක් සඳහා රුපියල් 120ක් ද සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 130ක් ද කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 132 බැගින් රජය වී මිලදී ගනිද්දී කුඹුරට එන පෞද්ගලික වෙළෙඳුන් ප්‍රමිතිය නොබලා නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 125ක් ලබාදෙන බැවින් ගොවීන් රජයේ ගබඩාවලට වී ලබාදීමට මැළිකමක් දක්වන බව දැනගන්නට ඇත.