157
කතරගම අංක 01 පාලම මේ වන විට දැඩි අබලන් තත්ත්වයට පත්වීම මත පාලම භාවිත කරන බැතිමතුන්ගේ ජීවිත අවදානමකට ලක්ව පවති.
කතරගම පැරැණිම පාලමක් වන මෙය දීර්ඝ කාලයක් පුරා ප්‍රතිසංස්කරණයක් සිදු වී නොමැත.
පාලමේ යට කොටසේ සිමෙන්ති කුට්ටි මෙන්ම යකඩ කම්බිද පෑදි පවති.
පාලමේ ගමන් ගන්නා ස්ථාන ඉරිතළා ඇති අතර මෙම පාලම උපයෝගී කොට ගෙන වන්දනා බැතිමතුන්. කතරගම ගම් 03ක ජනතාව යතුරුපැදි භාවිත කර ගමන් කිරීම දෛනිකව සිදුවේ.
වගකිව යුතු අංශ මෙම පාළම සම්බන්ධයෙන් සොයා බලා ඉදිරියට ඇතිවීම හැකි අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස කතරගම ජනතාව ඉල්ලීමක් කර සිටිති.