Monday, April 21, 2025
Home » ගජමුතු දෙකක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ගජමුතු දෙකක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

by mahesh
February 28, 2025 1:00 am 0 comment

සිරිපුර - මදුශානි අබේසිංහ මින්නේරිය සමූහ - සුසිල් කරුණාතිලක, පොලොන්නරුව සමූහ - එම්.පී. සරත්
අත්අඩංගුවට ගත් ගජමුතු

දඹුල්ල ප්‍රදේශයට රුපියල් ලක්ෂ 50කට අලෙවි කිරීමට ළඟ තබාගත් ගජමුතු දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලොන්නරුව බැඳිවැව ප්‍රදේශයේදී පෙරේදා (26) සවස අත්අඩංගුවට ගත් බව පොලොන්නරුවව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 හා 42 යන වයස්වල පසුවන්නන් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. සැකකරුවන්ගෙන් එක් අයකු වඩු වැඩ කරන පුද්ගලයෙකු වන අතර මොවුන් දෙදෙනා ගජමුතු දෙක දඹුල්ල ප්‍රදේශයට රුපියල් ලක්ෂ 50කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ අතර, උපාය දූතයෙකු යොදා ගජමුතු දෙක සමඟ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව පරීක්ෂණ සිදුකරන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උසස් නිලධාරියකු අප කළ විමසීමකදී පැවසීය. පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ. අත්අඩංගුවට ගත් ගජමුතු දෙක සමඟ සැකකරුවන් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලීසිය පවසයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT