Home » ‘Pakistan Travel Mart 2025’ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත් එක්වෙයි

‘Pakistan Travel Mart 2025’ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත් එක්වෙයි

by mahesh
February 28, 2025 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

පාකිස්තානයේ කරච්චිහිදී පැවති ‘Pakistan Travel Mart 2025’ සඳහා ශ්‍රී ලංකාව ද එක්ව තිබේ.

ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස අන්තර්ජාතික මට්ටමට ශ්‍රී ලංකාව රැගෙන යෑමේ අපේක්ෂාවෙන් මේ ප්‍රදර්ශනය සඳහා එක්ව තිබෙන අතර කරච්චිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා විසින් ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ ප්‍රමුඛපෙළේ ශ්‍රී ලංකා සංචාරක සමාගම් දෙකක් මේ අවස්ථාවට සහභාගි වීමට පහසුකම් සපයා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පාකිස්තානයේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස් ක්‍රිස්ටි ඔගස්ටින්, කරච්චිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ජගත් අබේවර්ණ, පාකිස්තානය සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ දේශීය කළමනාකරු රුවන් විජේකෝන් මහත්වරුන් සහ ශ්‍රී ලංකා සංචාරක සමාගම් නියෝජිතයෝ මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT