Wednesday, April 23, 2025
Home » ඉන්දීය රුපියල් – ශ්‍රී ලංකා රුපියල් වෙළෙඳ පියවීමට සාකච්ඡාවක්

ඉන්දීය රුපියල් – ශ්‍රී ලංකා රුපියල් වෙළෙඳ පියවීමට සාකච්ඡාවක්

by mahesh
February 28, 2025 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා – ඉන්දීය ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කරමින් ඉන්දීය රුපියල් – ශ්‍රී ලංකා රුපියල් වෙළෙඳ පියවීම් පිළිබඳ විද්වත් සාකච්ඡාවක් පසුගියදා කොළඹදී පැවැත්විණි.

ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා සහ ඉන්දීය බැංකු මෙන්ම විවිධ වෙළෙඳ මණ්ඩල, මාධ්‍ය සහ විද්වත් සංවිධාන වැනි ආයතන නියෝජනය කරමින් ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් මේ සඳහා සහභාගි වූහ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙහිදී අදහස් දැක්වීමෙන් අනතුරුව ඉන්දීය සංචිත බැංකුවේ ප්‍රධාන සාමාන්‍යාධිකාරී ආදිත්‍ය ගයිහා මහතා විසින් ඉන්දීය රුපියල ජාත්‍යන්තරකරණය සහ ඉන්දීය රුපියල් – ශ්‍රී ලංකා වෙළෙඳ පියවීම් පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කර ඇත. ඒ මහතා අන්තර් දේශසීමා ගනුදෙනුවලදී ඉන්දීය රුපියල් සහ ශ්‍රී ලංකා රුපියල් භාවිත කිරීම ඉහළ නැංවීම අරමුණු කරගෙන ඉන්දීය සංචිත බැංකුව විසින් මෑතකදී විදේශ විනිමය කළමනාකරණ පනතට සිදුකරන ලද සංශෝධන සම්බන්ධයෙන් ද විස්තර කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඉන්දීය රුපියල් – ශ්‍රී ලංකා රුපියල් වෙළෙඳ පියවීම් රාමුව සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කර තිබෙන අතර මෙම යන්ත්‍රණයේ වැදගත්කම අවධාරණය කළ ඒ මහතා යන්ත්‍රණය සංවිධිතකරණයෙහිලා දෙරටෙහිම ප්‍රතිපත්ති සම්පාදකයන් සහ මහ බැංකු සමඟ නියැළෙන ලෙස බැංකු දිරිමත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT