Home » කර්මාන්ත-ව්‍යවසායකයන් රැකගන්න මෙවර අය-වැයෙන් වැඩි අවධානයක්

කර්මාන්ත-ව්‍යවසායකයන් රැකගන්න මෙවර අය-වැයෙන් වැඩි අවධානයක්

නව ආයෝජනවලටත් සාකච්ඡා - අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

by mahesh
February 28, 2025 1:00 am 0 comment

නුවන් කොඩිකාර

ඉදිරිපත් කර ඇති අය-වැය මඟින් කර්මාන්ත හා ව්‍යවසායකයන් නඟාසිටුවීමට හා ආරක්ෂා කිරීමට දැඩි අවධානයක් යොමු කර ඇති බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අවධාරණය කළාය.

ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලයේ උපසභාපති Lord Swire සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අතර පාර්ලිමේන්තුවේ පැවති හමුවේදී අගමැතිවරිය මේ බව පවසා සිටියාය.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා ඇති අවස්ථා පිළිබඳ අවධානය යොමු වූ අතර මෝටර් රථ නිෂ්පාදනය හා එකලස් කිරීම, බලශක්ති ක්ෂේත්‍රය, ධීවර බෝට්ටු නිෂ්පාදනය ආදී බොහෝ ක්ෂේත්‍රවල ආයෝජන සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කෙරිණි.

මේ අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති, ව්‍යවසාය සහ ආයෝජන කවුන්සිලයේ සාමාජික Mrs. Pamela Anne O’ Leary, ව්‍යවසාය සහ ආයෝජන කවුන්සිලයේ ශ්‍රී ලාංකේය සාමාජික නිමාලි ද සොයිසා, එම සංගමයේ මෙරට අධ්‍යක්ෂ දේශාන් ක්‍රිස්ටෝපර් ජයවර්ධන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT