Saturday, April 19, 2025
Home » විධායක ජනපති ධුරය අහෝසි කරමින් අලුත් ව්‍යවස්ථාව හදන්නේ කවදාද?

විධායක ජනපති ධුරය අහෝසි කරමින් අලුත් ව්‍යවස්ථාව හදන්නේ කවදාද?

මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම්

by mahesh
February 28, 2025 1:00 am 0 comment

විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් අලුත් ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ කවදාද කියලා දැන ගන්න කැමති බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (27) පැවසීය.

අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විශාල වියදමක් වෙනවා කියලා ජන මතයක් ගොඩනැඟුවා. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159ක් සිටිනවා. එක් මන්ත්‍රීවරයෙකුගේ වැටුප අවම විදියට රුපියල් ලක්ෂ 2ක් කියලා ගත්තොත් 159කට මාසයට රුපියල් මිලියන 31ක් යනවා. අවුරුද්දට රුපියල් මිලියන 381ක් වැය වෙනවා. අවුරුදු පහම බැලුවොත් රුපියල් බිලියන 1.9ක් යනවා. ඒ වැටුප පක්ෂයට දෙනවා. පක්ෂයට දෙන්නේ නැතිව ගමේ පන්සලකට හරි ජනතාවට හරි දෙන්නකෝ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT