Saturday, April 19, 2025
Home » ආණ්ඩුව දුන් පොරොන්දු දැන් ඉටුකර පෙන්වන්න

ආණ්ඩුව දුන් පොරොන්දු දැන් ඉටුකර පෙන්වන්න

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන

by mahesh
February 28, 2025 1:00 am 0 comment

ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකළොත් ජනතා අප්‍රසාදයට ලක් විය හැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (27) පැවසීය.

අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

ජනාධිපතිවරයාගේ ආයතන 25ක් සම්බන්ධයෙන් අද වැය ශීර්ෂය කතා කරනවා. අනුර කුමාර දිසානායක මහතා දක්ෂ ජනාධිපතිවරයෙක්. දක්ෂයාට දක්ෂයා කියන්න ඕනනේ. මම එහෙම කියන්නේ සියයට 3ක ජනතා කැමැත්ත තිබුණු ජනතා විමුක්ති පෙරමුණ අද ආණ්ඩුවක් පිහිටුවන තැනට ගෙනැවිත් තිබෙනවා. ජනතාව අපේක්ෂා කළ ආකාරයටම පොරොන්දු ටික ඉටු කළොත් ආණ්ඩුවට ප්‍රසාදය ලැබෙයි. 2025 වර්ෂය වෙනුවෙන් අය-වැය සාරාංශයක් විදිහට ගත්තොත් ආදායම රුපියල් බිලියන 4990යි. වියදම රුපියල් බිලියන 7190යි. අය-වැය හිඟය රුපියල් බිලියන 2200යි. ආණ්ඩුවට අභියෝගයක් තිබෙනවා. ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන අභියෝගය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව යනාදී මේ ආයතනවලින් තමයි ආදායමක් සොයා ගත හැක්කේ. පසුගිය ආණ්ඩුව කාලයේ දුන් බාර් පර්මිට් තුන්සිය ගණන ගැන හර්ෂණ නානායක්කාර මහතා මතක් කරයි කියලා මම හිතුවා. බාර්වලින් විකිණෙන සුරාව අලෙවි වන්නේ නැත්නම් ආදායම හොයා ගන්නේ කොහොමද. බලෙන් පොවන්න වෙනවා ජනතාවට ආදායම හොයා ගන්න. ඇපකරයක් නැතිව මිලියන 10ක ණයක් දෙන බවටත් මැතිවරණයට පෙර පොරොන්දු දුන්නා. දැන් තරුණ තරුණියන් බලා ඉන්නවා ඒ ණය මුදල ගන්න. ඉතිං මේ ණය නොදුන්නොත් ජනතාවගේ අප්‍රසාදයට ආණ්ඩුව පත්වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT