Home » අපරාධ කල්ලි යළි හිස ඔසවලා

අපරාධ කල්ලි යළි හිස ඔසවලා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by mahesh
February 28, 2025 1:00 am 0 comment

2025 මුල් මාස දෙක තුළ වෙඩි තැබීම් 17ක් වාර්තා වී ඇති බවත් අපරාධ කල්ලි හිස එසවීම සහ සිදුවන ඝාතන හේතුවෙන් මහජනතාවට සිය ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ ස්ථාවර නියෝග 27/2 යටතේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතු කරමිනි.

පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ නීතිය මත පාලනයක් හා සමප්‍රවේශී අධිකරණ පද්ධතියක් යන තේමාව යටතේ සාධාරණ හා සමානව නීතියේ රැකවරණය විනිවිදභාවය හා කාර්යක්ෂමතාව ස්වාධීනත්වය හා ජනතා විශ්වාසය යන මූලධර්ම මත පදනම්ව කටයුතු කරන බව රජය මහජනතාවට පොරොන්දු වුවත් වත්මන් තත්ත්වය ගැටලුකාරි බවද විපක්ෂ නායකවරයා පැවසීය.

පොලිස් ස්ථානයකින් අපරාධකරුවකු එළියට ගෙන යන්නේ නම් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන බවට රජය ප්‍රකාශ කළද එවැන්නක් සිදු නොවන බවද හෙතෙම පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT