තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියැළෙන වෘත්තිකයන්ගෙන් සියයට 15ක බද්දක් අය කිරීමට කටයුතු කළොත් එම වෘත්තිකයන් රට හැර යනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“වත්මන් ආණ්ඩුව ගෙන ඒමට මහන්සි වූ යූටියුබ් මාධ්‍යකරුවන්ට බදු ගැසීමෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියැළෙන වෘත්තිකයන්ට මරු පහරක් එල්ල කිරීමට යනවා. මේ බද්ද අය කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඊට එරෙහි සටනට එක්වෙන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
රටට ඩොලර් බිලියන දෙකක් උපයා දෙන වෘත්තිකයන්ට සියයට 15ක බද්දක් අය කරන්න යනවා. ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියැළෙන වෘත්තිකයන්ට මුල් තැනක් දී තියෙනවා. මේ ආණ්ඩුව ඩිජිටල් ක්ෂේත්‍රය ගැන කතා කරනවා. ඒ අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට සියයට 15ක බද්දක් අය කරනවා. මේ බද්ද වහාම හකුළා ගන්න කියා අපි ආණ්ඩුවට කියනවා. මේ බද්ද අප්‍රේල් මාසයේ ක්‍රියාත්මක කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැඩ කරන සියලුම දෙනාට ආරාධනා කරනවා එක වේදිකාවක් මතට ඇවිත් සටන් කරමු කියලා.”